Blooming Fashions සමාගම රන් සම්මානයෙන් පිදුම් ලබයි

නිමි ඇඳුම් අලෙවියේ ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාගමක් වන Blooming Fashions පුද්ගලික සමාගම පුත්තලම දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය සංවිධානය කළ ‘තම්බපණ්ණි අභිමානී – 2018’ ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. වයික්කාල සූර්යා රිසෝර්ට්හිදී සම්මාන උළෙල පැවැත්විණි.

1970 අග භාගයේදී මහවැව නගරය කේන්ද්‍ර කර ගනිමින් එවකට කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වූ නැසී ගිය රොබට් ප්‍රනාන්දු මැතිතුමා සුළු ව්‍යාපාරයක් ලෙස ඇරැඹූ රෙදිපිළි අලෙවිය ක්‍රමයෙන් දියුණුවට පත් විය. 1990 මැද භාගය වන විට එතුමන්ගේ වැඩිමහල් පුත් ජූඩ් ප්‍රනාන්දු අතට ව්‍යාපාරය පත් වූ පසු මහවැව ප්‍රදේශය තුළ එතෙක් මෙතෙක් බිහි වූ දැවැන්තම සුළුපිළි මාලිගය Blooming Dress Point යන නාමයෙන් අරඹා වැඩි දියුණු කළේය.

ඉන් පසුව එතුමා හලාවත නගරයට ඉතා අලංකාර ප්‍රදර්ශනාගාරයක් සමග ව්‍යාපාරය ව්‍යාප්ත කළේය. ජූඩ් ප්‍රනාන්දුගේ එකම පුත් ශශික ප්‍රනාන්දු මැතිතුමා 2015 මුල් භාගයේදී Blooming Dress Point ව්‍යාපාරය තම සුරතට ගෙන එය Blooming Fashions පුද්ගලික සමාගම ලෙස නව්‍යකරණයට ලක් කළේය.

ශශික ප්‍රනාන්දු වසර තුනක් වැනි කෙටි කාලයකදී Blooming Fashions පුද්ගලික සමාගම තව දුරටත් පුළුල් කරමින් රෙදිපිළි ප්‍රදර්ශනාගාරවලින් ඔබ්බට යමින් Bloomingබට නාමය යටතේ B L M International, Blooming Gas Distributors සහ Blooming Automobile සහ යන ව්‍යාපාරද තම ව්‍යාපාර ජාලයට එක් කර ගත්තේය.

වර්තමානයේදී දැවැන්ත රෙදිපිළි ප්‍රදර්ශනාගාර 4කට හා තවත් ව්‍යාපාර කිහිපයකට හිමිකම් කියන Blooming බට ආයතනය තුළ 150කට අධික සේවක පිරිසක් රැකියාවල නිරත වන අතර පරිබාහිරවද විශාල පිරිසකට ජීවනෝපාය සැළැසී ඇත. නුදුරු අනාගතයේදී දේශීය ආර්ථිකයට ශක්තියක් වෙමින් Blooming Fashions ප්‍රදර්ශනාගාර රට පුරා ව්‍යාප්ත කිරීම ශශික ප්‍රනාන්දුගේ අරමුණයි.

(Visited 29 times, 1 visits today)

Related posts

Leave a Comment