මහත්මා ගාන්ධිගේ අනුරුවකට වෙඩි තැබූ කාන්තාවක් අත්අඩංගුවට

ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ මහත්මා ගාන්ධිගේ අනුරුවකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මහත්මා ගාන්ධි ඝාතනය වීමේ 71 වැනි සංවත්සරය සමරමින් හින්දු මහා සභා නම් සංවිධානයක් විසින් පසුගිය ජනවාරි 30 වනදා උත්සවයක් සංවිධානය කර තිබුණි.

එහිදී අදාල කාන්තාව විසින් ගාන්ධිගේ අනුරුවකට වෙඩි තැබීමේ වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදාහැර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාල සිද්ධියට සම්බන්ධ කාන්තාව අත්අඩංගුවට ගන්නා ලෙස ලැබුණු පැමිණිලි මත ඇය ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාන්තාවට අමතරව ඇයගේ සැමියා සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

(Visited 19 times, 1 visits today)

Related posts

Leave a Comment