පෙට්‍රල් බෝම්බ ගැසූ ආවා කල්ලියේ සාමාජිකයන් හතරක් බඩුත් එක්ක අල්ලයි!

යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ නිවාස දෙකකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයන් එල්ල කළ යාපනයේ ආවා ගෲප් කල්ලියේ සාමාජිකයින් සිවුදෙනෙකු 21 දා අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ ස්ථාන දෙකකින් අත්අඩංගුවට ගත් මේ සැකකරුවන් ළග තිබී බෝම්බ ප්‍රහාරයන් සදහා පැමිණි යතුරු පැදියක් හා අපරාධ සදහා යොදා ගන්නා ලද කඩු දෙකක් ,කෙටේරී තුනක් ඇතුළු තවත් උපකරණ කීපයක් සොයා ගෙන තිබේ. යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ නිවාස දෙකකට මේ පෙට්රල් බෝම්බ ප්‍රහාරය එල්ල කරණ ලද්දෙ පසුගිය 19 වෙනිදා දහවල් කාලයේදීය.

යාපනය පොලීසිය විසින් කෝපායි පොලීසියේද සහය ඇතිව මාර්ග වල සවිකොට තිබූ සීසීටීවී කැමරා නිරීක්ෂණය කිරීමෙන් පසුව බෝම්බ ප්‍රහාරය සදහා පැමිණි යතුරු පැදිය හදුනාගෙන තිබේ.

ඒ අනුව දියත් කළ මෙහෙයුමකින් පසුව ආවා කල්ලියේ සාමාජිකයින් සිවුදෙනා හා අපරාධවලට සම්බන්ධ කරගත් උපකරණ සොයා ගැනීමට හැකි වී තිබේ.

යාපනය පොලීසිය විසින් මෙම සැකකරුවන් හා උපකරණ කෝපායි පොලීසිය වෙත බාර දී ඇති අතර පොලීසිය ඔවුන්ගෙන් ප්රශ්න කරගෙන යයි. සැකකරුවන්  යාපනය අධිකරණය වෙත අනතුරුව ඉදිරිපත් කරණ බව යාපනය පොලීසිය සදහන් කළේය.

(Visited 25 times, 1 visits today)

Related posts

Leave a Comment