මහවිලච්චියට ආ කුරු මිනිසුන් කරපු දේ..!

මීට සති කිහිපයකට පමණ පෙර අම්පාර ප්‍රදේශයේ ගොවි ගම්මානයකට කඩා වැදුණු බව කියන කුරු මිනිසුන් කිහිප දෙනෙකු පිළිබඳව සමාජයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා. ඉන් පසුව තවත් එවැනිම සිදුවීමක්  මහවිලච්චිය පොලිස් වසමේ ස්ථාන කිහිපයකින්ම වාර්තා වුනා.

ඒ අනුව කුරු මිනිසුන් දෙදෙනෙකු මහවිලච්චිය පොලිස් වසමේ ස්ථාන කිහිපයකට පසුගිය (20) වෙනිදා සවස් කාලයේ පැමිණ ඇති බවත්, එම කුරු මිනිසෙකු එල්ල කළ ප්‍රහාරයකින් ප්‍රදේශයේ තරුණ කාන්තාවක් තුවාල ලබා තිබෙන බවත් ප්‍රදේශයේ ගොවියෙකු  මහවිලච්චිය පොලිසියට දුරකථනය මගින් දන්වා තිබෙනවා.

මෙලෙස කුරු මිනිසුන්ගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ විලච්චිය පාර, 370 තුලාන, ඇත්දත්කල්ල, පේමඩුව ගම්මානයේ අශෝකා රණසිංහ (27) හා සාමා චාන්දනී (37) නමැති කාන්තාවන් දෙදෙනෙකු බවයි සඳහන් වනනේ. මේ අතුරින් සිදුවීමට මුහුණ දුන්
සාමා චාන්දනී මහත්මිය තමන් මුහුණ දුන් අත්දැකීම මෙලෙස ප්‍රකාශ කළා.
 
 මා ගේ පිටුපසට යන විට ඒ අසල ඇති සියඹලා ගස ළඟ අඩි 2 ක පමණ උස ලොම් සහිත කළු මිනිසෙකු සිටිනවා දැක්‌කා. කොණ්‌ඩය පොකුටු වූ රතු පාට දීප්තිමත් ඇස්‌ දෙකක්‌ තියෙන කෙනෙක්‌. කරේ පොඩි පොලු කැබැල්ලකුත් තිබුණා. මා “අක්‌කේ” කියා කෑ ගසන විට මගේ අත සූරා දමා කැලයට දිව ගියා. මාගේ කෑගැසිල්ලට ගමේ අය බොහෝ දෙනෙක්‌ කැති පොරෝ අරන් ආවා. ඒ අය කැලේ පීරා බැලුවත් කිසිම කෙනෙකු සොයා ගන්න බැරි වුණා.

එසේම සිදුවීමට මුහුණ දුන් අනෙක් කාන්තාව වන අශෝකා රණසිංහ මහත්මිය තමන් මුහුණ දුන් අත්දැකීම ප්‍රකාශ කළේ මෙලෙසින්.
 චාන්දනී අක්‌කා මෙවැනි සිදුවීමකට මුහුණපා තිබෙන බව ආරංචි වුණා. අපේ නිවස පිටුපස තිබෙන අඹ ගස යට වෙනදා දැක නැති කුරු බල්ලෙක්‌ සිටියා. මම අඹ ගස දෙසට යන විට ඒ බල්ලා මගේ දෙසට බුරාගෙන ඇවිත් ඇඟට පැන සූරා දැමුවා. මගේ අත තුවාල වුණා. මම දඟලලා නිවසට දිව යන්න හදනකොට ඒ බල්ලාගේ පිටුපසින් අර සාමා අක්‌කා කිව්වා වගේ අඩි 2 ක්‌ පමණ උස විකෘති මුහුණකින් යුත් පුද්ගලයකු කැලයට දිව ගියා. 
 
මේ අතර ඔයාමඩුව හැළඹවැව යන ප්‍රදේශල කැලෑබද කුඹුරු හා හේන් හරහාද මෙම කුරු මිනිසුන් ගමන් කරන ආකාරය ගොවියන් පිරිසක්‌ දැක තිබෙන බවත් එම සිද්ධීන් දුටු කීප දෙනකු සිහිසුන් වී ඇති බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන ලැබුණු පැමිණිලි අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් ඒ පිළිබඳ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුනද එවැනි කිසිදු පුද්ගලයකු හමුවී නැහැ.

මේ අතර මෙම කුරු මිනිසුන් කුලියාපිටිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පැමිණ ඇති බවටද ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

(Visited 21 times, 1 visits today)

Related posts

Leave a Comment