අවුරුදු 17ක සිසුවියව ලිංගිකව අපයෝජනය කළ විදුහල්පතිවරයා අත්අඩංගුවට

වයස අවුරු 17ක සිසුවියක් ලිංගික අතවරයට ලක්කළ බවට කළ පැමිණිල්ලක් මත කුලියාපිටිය ප්‍රධාන පාසැලක විදුහල්පතිවරයෙකු අද (25) අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිටිය ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකු වූ අතර එම පාසලේම 12 ශ්‍රේණියේ ඉගනුම ලබන සිසුවියක් මෙලෙස අපයෝජනය කර ඇති බව වාර්තාවේ.

පාසලේ තරප්පුපේළියකදී විදුහල්පතිවරයා විසින් තමන්ව අතවරයට ලක්කළ බව එම සිසුවිය පොලීසියට පැමිණිලි කර ඇත.

 ඒ අනුව වින්ධිත දැරියගේ පැමිණිල්ල මත සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණ.

පැමිණිල්ල ලැබීමෙන් පසුව කුලියාපිටිය ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය අදාළ සිද්ධිය වූ බව කියන තරප්පුපෙළ හා එ් අවට පරික්ෂා කර ඇති අතර සිද්ධිය සම්බන්ධව කිහිපදෙනෙකුගෙන් සාක‍්ෂි සටහන්කර කර ගෙන තිබේ.

 අනතුරුව අත්අඩංගුවට ගත් සැකකාර විදුහල්පතිවරයා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.

කුලියාපිටිය මූලස්ථාන පප්‍රධාන පොලිස් පරීක‍ෂක අජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක‍ෂිකා සාවිත්‍රි සිරිමාන්න, සැරයන් දයාරත්න(58527) කාන්තා පොලිස් සරයන් චන්දිමා, කාන්තා පොලිස් කොස්තාපල් දමයන්ති(8679) යන නිළධාරීහු සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක‍ෂණ මෙහෙයවති.

(Visited 16 times, 1 visits today)

Related posts

Leave a Comment