ලෝක කුසලානය අත ළඟ ශ්‍රී ලංකාව කොට උඩ කටු ඔටුන්න කාට ද?

ලෝක කුසලානය අත ළඟ ශ්‍රී ලංකාව කොට උඩ කටු ඔටුන්න කාට ද? කොල්ලනේ නියමයි. එකක් මතක තියා ගන්න. අපි අවසානය තෙක් සටන් වදින්නෙමු. ශ්‍රී ලංකාව ඔබ සමඟයි. මම අනෙක් අය ගැන දන්නේ නැහැ. නමුත් මම ඔබ ගැන අතිශය ආඩම්බර වෙනවා. මේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු විස්සයි 20 තරගය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු සටනක් අවසානයේ සුපිරි පන්දු වාරයේ පරාජය වීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සුබ පතමින් ෆේස්බුක් ඔස්සේ තබන ලද සටහනකි. ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වීමට තවත් ඇත්තේ දෙමසකට ආසන්න කාලයකි. ශ්‍රී ලංකා කණ්ඩායම…

ලංකාවට ආ පසු වාඩුව ගන්න මධුෂ් සැරසේ

ලංකාවේ පාතාල මර්දනය ආණ්ඩුවෙන් ආණ්ඩුවට, කාලයෙන් කාලයට එක එක විදිහට ක්‍රියාත්මක වෙයි. එහෙත් අද වනතෙක් පාතාලය සම්පූර්ණයෙන් මර්දනය කිරීමට කිසිදු රජයකට හැකියාවක් ලැබී නැත. ඔන්න මර්දනය කළා මෙන්න මර්දනය කළා කීවත් කාලයත් සමඟ පාතාලයෝ කරළියට එන්නේ ගුල්වල සැඟවී සිටින නයි පොළොඟුන් මෙනි. එසේ පැමිණ එළව එළවා පහරදෙන්නේ ඔවුන් එකී වළට තල්ලු කළ උන්ගෙත් උන්ගේ පැවැත්මට අභියෝග කළ උන්ටත් එක්කමය. මේ නිසා දැන් මුළු රටම අපරාධ ලෝකයක් බවට පත්ව ඇත. එක පැත්තකින් කුඩුය. අනෙක් පැත්තෙන් මිනීමැරුම්ය. මේ සියල්ල මැද පාතාලයෝ රඟ දෙති. කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ රටම එක කුඩු විමානයක්…

අප ඉදිරියේදී ගොඩනගන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අනිවාර්යයෙන්ම තියෙන්නේ සාමූහික නායකත්වයක්

මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක    රටේ දේශපාලනයේ නව තත්ත්වයන් සම්බන්ධයෙන් මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා සමඟ කළ සාකච්ඡාවකි.    ප්‍රශ්නය – ‘‘රට සූදානම් නම් මාත් සූදානම්’’ කියලා ගෝඨාභය රාජපක්ෂ කිව්වා. ඔබේ කඳවුරේ සූදානම කොහොමද?    පිළිතුර – ඇත්තටම ගෝඨාභය මහත්මයාට තමන්ගේ ඇමරිකන් පුරවැසිකම අත හැරලා මේ රටේ ඡන්දය ඉල්ලන්න අයිතිය තියෙනවා. නමුත් රාජපක්ෂ පවුලේ ඒ කඳවුරේ තියෙනවා විශාල ප්‍රශ්නයක්. ඒක තමයි රාජපක්ෂ පවුලෙන් පිට මහින්ද, බැසිල්, ගෝඨාභය, නාමල්, චමල්, යෝෂිත එහෙම නැත්නම් තව ඉන්න රාජපක්ෂලා හෝ ඒ ගොල්ලන්ට ගෑවිච්ච නැති අයගෙන්…

ජනාධිපතිතුමා සහ අප අතර අලුත් අවබෝධයක් ගොඩනැගෙමින් පවතිනවා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අලුත් අවබෝධයක් ගොඩනැගෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයාට පොහොට්ටුවෙන් ප්‍රහාර එල්ලවන විට අපත් ජනාධිපතිවරයාට ප්‍රහාර එල්ල නොකළ යුතුය යන ස්ථාවරයට පැමිණ තිබෙන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මෙම සාකච්ඡාවේදී පැවසුවේය. මේ ඒ සටහනය.  ප්‍රශ්නය:විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නම් කිව්වේ ‘සිහින මාළිගාවලට වැසිකිළි හදන අයවැයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා?   පිළිතුර:- ඒ ගොල්ලන්ගේ සිහින මාළිගා ඔක්කොම කඩාවැටුණා. ඒ ගොල්ලන්ගේ සිහින මාළිගා ඒ ගොල්ලෝ හදාගෙන හිටියා ජනාධිපතිතුමත් එක්ක. එහෙම සිහින හද‌ාගෙන තමයි කිව්වේ ‘අයවැය පරද්දවනවා’ කියලා. තමුන්නාන්සේලාගේ පත්තරවලත් ගියා ‘අයවැය පරද්දවන්න විශාල මෙහෙයුමක්’ කියලා.…

කොළඹ හදවතේ සැඟවී තිබෙන රාජසිංහ සිරකුටිය

ලංකා රාජධානියේ අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහය. දකුණු ඉන්දීය නායක්කර් වංශිකයකු වූ ඔහු ක්‍රි.ව. 1796-1815 කාලයේ මෙරට කන්ද උඩරට මහනුවර රාජ්‍ය පාලනය කළේය. ශ්‍රී ලංකා රාජ්‍ය පූර්ණ බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත්වූයේ රාජසිංහ රජු ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් පසුවය. 1798 දී රජකමට පත්වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 17 වසක් මෙරට පාලකයා ලෙස කටයුතු කර තිබේ. ඔහුගේ කෲර පාලනයත් උඩරට රදළයන්ගේ පාවාදීම හේතු කොට ගෙන උඩරට රාජධානිය අල්ලා ගැනීමට ඉංග්‍රීසීන් දියත් කළ දෙවැනි ආක්‍රමණය සාර්ථක වූයෙන් 1815 පෙබරවාරි මාසයේ මුල රාජසිංහ රජු බිසෝවරු සමග රාජ්‍ය අතහැර පලායාමෙන් පසුව කිසිදු ‍ලේ වැගිරීමකින් තොරව ඉංග්‍රීසීන්ට…

මිය යන තෙක් උපවාස කරන්න මන්ත්‍රී අලුත්ගමගේ සූදානම්

පාර්ලිමේන්තුව තුළ සිදුවු කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවර්න්ට එරෙහිව නඩු පවරා සිරගත කිරීමට කටයතු කළහොත් මිය යනතුරු උපවාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. පසුගිය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී සිදුවු කළහාකාරී සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු වාර්තාව කථානායක කරු ජයසුරිය මහතාට භාරදී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැත. පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතාද එම සිදුවීමේදී කළහකාරී ක්‍රියාවන්ට සම්බන්ධව ඇති බවට එම වාර්තාවේ සඳහන් කර ඇති අතර එම වාර්තාවට විරෝධය පළකරමින් මන්ත්‍රීවරය මේසේ පැවසීය.

“අනේ මගේ පොඩි පුතා හිරෙන් නිදහස් වෙනකම් ජීවත් වුණොත් ඇති. උදේ හවස බුදුන් වැඳලා ප‍්‍රාර්ථනා කරන්නෙත් එච්චරයි.”

ඒ නිවස අසපුවක් වැනිය. කුරුඳු යායකින් වට වූ ඒ ගෙවත්ත ද පන්සල් මිදුලක් සේ සුන්දරය. පිළිවෙළය. නිවස ඉදිරිපිට ඇඳි පුටුවට බර දී සිටින පින්වන්ත මෑණියන්ගේ උතුරා යන ළෙන්ගතු සිනාවට හදවත පිරිණි. කොළඹ සිට පැය කිහිපයක වෙහෙසකර ගමනක් ගිය අපගේ විඩාව ක්‍ෂණයෙන් දුරු විය.කොහොමද අම්මා…‘හොඳින් ඉන්නවා පුතේ. කකුල් දෙක කකියන්න ගත්තා… ඒකයි මේ චුට්ටක් අත ගගා හිටියෙ..’ ඇය දෙපා පිරිමදිමින් සිටින අයුරු ගෙවත්තට ඇතුළු වූ මොහොතේම අපි දුටිමු. එහෙත් කාන්තියෙන් බැබළෙන මුවමඬලේ ශරීර පීඩාවක සේයාවක් හෝ නොපෙනුණි. අපි දුටු විටම රැලි වැටුණු මුහුණ පුරා සිනාව ඉහිරිණි.‘ගිය සතියේ සිරිපාදේ නැග්ගනෙ පුතේ… උඩටම…

Wagon R ගෙන්වීම නවත්වනවා – වාහන ආනයනකරුවෝ කියති

රේගුවේ වර්ගීකරණ කමිටුව (NC Committee) මගින් MH55S Wagon R රථ ද හයිබ්‍රිඩ් නොවන මෝටර් රථ ගණයට අයත් බව පවසා, ඒවා සඳහා පෙට්‍රල් මෝටර් රථ සඳහා අයකරනු ලබන බදු කාණ්ඩයට යටත් කිරීම හේතුවෙන් ආනයනික හයිබ්‍රිඩ් වැගන් ආර් රථ සඳහා ඉහළ බදු ප්‍රතිශතයක් අය කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ. (27) පැවති ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය විය. මෙහිදී වාහන ආනයනකරුවන් වැඩිදුරටත් පවසන්නේ, රේගුවේ වර්ගීකරණ කමිටුව විසින් C200 Benz රථ හයිබ්‍රිඩ් නොවන බවට ලබාදුන් තීරණය සමඟ ගලපා MH55S Wagon R රථ පිළිබඳ කිසිදු තාක්ෂණික සොයා බැලීමක්…

තොපි මැරෙනකම් මට වහල්කම් කල යුතුයි..- මදුමාධව කියයි..

අපිව හොයපු ආදරනීය ඔබට අපෙන්සුබ පැතුවට තුති හදවතින් මම කිව්ව මගේ බුකියේ ඉන්නෙ ලෝකෙ ඉන්න හිත හොදම අපේ කම් ටික කියල. ඔබ ඒක ඔප්පු කලා………Friends හැටියට followers හැටියට එහෙමත් නැත්තම් නිකම්ම ඇවිත් like එකක් , comment එකක් දාල යන , මුකුත්ම නොකියා හදවතින් හිනාවෙන මගේ බුකියේ නෑයො ,මිතුරන්, මිතුරියන් ,සහෝදරිය ,සහෝදරයන්,වැඩිහිටියන්,දරුවන් ,අපේ උන්, අපේ එකියන් අපිට සුබ පතල තිබ්බ….. අපිට හුස්ම දීල තිබ්බ…. කිසිම කුහක කමක් නැතිව…. අපිට ඕනෙ උනා ඔබේ සුබ පැතුම්…සත්තයි. අපි ඒ ඔක්කම කියවල ඔබගෙ කුනු නොවූ හිතට ස්තුතියි කලා….. මට ඕනෙ වෙලා තිබ්බ කුහක අඩෝවැඩියා බුකියේ කනවැන්දුම් උන්ට ,උන්ගෙ අනුන්ගේ…