පුතුට ත්‍රීරෝද රියක් අරන් දුන්නාට කුපිතවූ පියා හක්කපටස් අටවා මවගේ පාදය අහිමි කරලා

තම පුතාට ත්‍රිරෝද රියක් මිලදී ගැනීමට උදවු කළැයි උරණ වී හක්කපටස් එකක් අටවා බිරියගේ පාදයක් අහිමි කළ බව කියන සැමියකු අත්අඩංගුවට ගත් පුවතක් වැලිපැන්නෙන් වාර්තාවේ.වැලිපැන්න හොරවල 
බඳේවත්ත ප්‍රදේශයේ 53 හැවිරිදි පුද්ගලයකු මෙම සිද්ධිය නිසා පොලිස් අඩංගුවට ගෙන ඇත. 
බිරිය එකතුකරගත් මුදලින් ත්‍රීරෝද රථයක් මිලදීගෙන පුතාට පරිහරණයට ලබාදුන් පසු මේ කියන සැමියා ඊට විරුද්ධ වීම නිසා ඇයට දින කිහිපයක සිට පහරදී  තිබේ.
ඒ අනුව ඇය සැමියා බීමත්ව පැමිණ 

පහරදෙන නිසා සොහොයුරකුගේ නිවසේ දිනක් ගතකරන්නට ගොසි තිබේ.
 නැවත තම නිවසට පැමිණි අවස්ථාවේ සැමියා නිවසින් පිටව ගිය නිසා ඇය නිවසේ පිටුපසට ගමන් කර තිබේ. මේ අවස්ථාවේ එක්වරම තම කකුල් දෙක අසලින් විශාල ශබ්දයක් සමග යම් කිසි දෙයක් පිපිරී ගිය බව ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.පිපිරීමත් සමග දකුණු පාදය මස් ගොඩක් බවට පත්වී තිබූ බව ද ඒ අනුව තමාව රෝහල් ගත කළබවද පසුව වෛද්‍යවරුන් සැත්කමක් කර පාද කොටසක් ඉවත් කළබවද ඇය පවසා ඇත. දකුණු පාදය දණ හිසෙන් පහළ කොටස අහිමිවූ බවත් ඇය පැමිණිලි කර තිබේ.
 තම සැමියා ඇටවූ හක්කපටස් එකක් පිපිරීම නිසා තමාට මෙම ඉරණම අත්වූ බව ඇය පවසන්නීය.තමා සහ සැමියා වත්තක කුලී වැඩ කරන බවත් ඊට අමතරව තම සැමියා උගුල් ඇටවීමෙන් සහ හක්කපටස් තැබීමෙන් වල් ඌරන් මරා එම මස් විකුණන අයකු බවත් තමාට විපතක් කලේ ඒ උපකරණ යොදා බවත් ඇය පවසා ඇත.
වැලිපැන්න පොලිසියට පැමිණි එම කාන්තාව කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගන්නා ලදි. බිරිඳට පහරදිම සහ පුපුරණ ද්‍රව්‍ය තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත්කිරීම පිළිබඳව චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

(Visited 14 times, 1 visits today)

Related posts

Leave a Comment