මරණයට අභියෝග කර පවුලම බේරාගත් පුංචි වීරයා

නංගිව ත්‍රීවිල් එකේ වහලෙ උඩතියන් පිහිනුවා  ත්‍රීවිල් එකට ගොඩවෙලා උදව් ඉල්ලලා කෑ ගැහුවා ගොඩට එනකොටම ත්‍රීවිල් එක ගිලුණා “මාදුරුඔය ජලාශයේ සිට මහවැලි බී කලාපයේ කෙත් වතුවලට දියවර රැගෙන යන ඉසෙඩ් ඩී ඇළ පසුගිය කාලයේ මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බිලි ගත්තා. ට්‍රැක්ටරයක් ඇළට පෙරළී එකවර නව දෙනකු මිය ගිය අවස්ථාවක් ද වෙනවා. වන අලි වගේම අනෙකුත් අහිංසක සතුන් සියගණන් ඇළට වැටී තිබෙන අවස්ථා අපමණයි. එසේ තිබියදී සියලු ලෝවැසියන්ට මෛත්‍රීය වඩා දවස ආරම්භ කරන මාත් දරු තුන් දෙනාත් බිලි නොගන්න තරම් මේ මහ ජල කඳ කාරුණික වුණා.” වැලිකන්ද, අළුත්වැව පදිංචි ලක්ෂ්මන් ජයකොඩි…

ප්‍රභූ රැස් විහිදපු කොලු මදාවියන්ගේ කොල්ලුපිටියේ අපරාධය

අන්තර්ජාතික ක්‍රීඩා තරගාවලියක් වූ ‘අයන්මෑන්’ ක්‍රීඩා තරගාවලියට ‍ගෝල්ෆේස් ඇතුළු කොල්ලුපිටිය ප්‍රදේශයේ සියලු කටයුතු සූදානම් වෙමින් තිබිණි. මෙනිසා තරගාවලිය පැවැති පසුගිය 24 වැනිදා අවට පොලිස් ස්ථානවල රථවාහන හසුරුවන නිලධාරීන්ටනම් අමතර රාජකාරි බහුල දිනයක් වූයේය. බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍රටද එදින ක්‍රීඩා තරගාවලියේ විශේෂ රාජකාරි වූ හෙයින් පාන්දර යාමයේම නිවෙසින් පිටත්වීමට සිදුවූයේ නියමිත වේලාවටම රාජකාරියට වාර්තා කළ යුතු හෙයිනි. ඔහු එදින අවදි වූයේ පාන්දර දෙකට පමණය. බොරලැස්ගමුවේ සිය නිවෙසින් පිටත්ව බොරැල්ල පොලිසියට ගොස් නිල ඇඳුම්ලා පොලිස් ජංගම යතුරුපැදියට නැඟුණේ විශේෂ රාජකාරි සඳහා ගාලු පාරට යෑමටය. බොරැල්ලේ…

මධූෂ් කොටු කර දී ‘කුඩු රජා’ වෙන්න ගිය කුඩු මොරිල්ගේ කුඩු තොගය කුඩුපට්ටම් වූ හැටි

මධුෂ් ඩුබායි පොලීසියට කොටු කරලා ඒ කුඩු තොගයත් අරන් සීෂෙල්ස්වලට කුඩු යවන්නෙත් මේ ජාවාරම්කරු බේරුවලින් අසු වුණු කුඩු කිලෝ 231ත් ඔහුගේ අන්තරායකර ඹෟෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපනය කිරීමේ අංශය භාර අධ්‍යක්ෂවරයෙකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා සම්පාදන කළ පර්යේෂණ පත්‍රිකාවක සඳහන් වන ආකාරයට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පමණක් හෙරොයින් භාවිතයට ඇබ්බැහිවූවන් ලක්ෂයක් පමණ පිරිසක් ජීවත් වෙති. ඒ අය වෙනුවෙන් කොළඹ නගරයේ පමණක් දිනකට සංසරණය වන හෙරොයින් ප්‍රමාණය කිලෝ හතරකි. එසේ නම් තවත් කිලෝ එකක් හෝ දෙකක් කොළඹ අවට ජීවත් වන මත්කුඩු භාවිතා කරන්නන් වෙනුවෙන්…

විග්නේශ්වරන් උතුරට UN කාර්යාලයක් ඉල්ලයි

යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් විමර්ශනයට මෙන්ම අතුරුදන් වූවන් සොයාගැනීම සඳහාද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උප-කාර්යාලයක් උතුරේ ස්ථාපිත කරන්නැයි ඉල්ලමින් උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ලිපියක් යොමු කර තිබේ. ජිනීවා යෝජනාව මෙන්ම යුද අපරාධ විමර්ශනයද අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවත්, මෙමඟින් මානව හිමිකම් කවුන්සිලයේ කීර්තිනාමයටද විශාල හානියක් සිදු වන බවත් විග්නේශ්වරන් මහතා ඒ ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත. ඒ.එච්. ඉෂාක්

කොළඹට එන ඩිෆ‍ෙන්ඩර් විශේෂ පරීක්ෂාවකට

කොළඹ නගරයේ මාර්ගවල ධාවනය වන  ඩිෆ‍ෙන්ඩර් රථ විශේෂ පරීක්ෂාවකට ලක් කරන්නට පොලිස් රථවාහන අංශයේ අවධානය යොමුව තිබේ. ඊට මුල්වී ඇත්තේ ආරක්ෂක අංශවල වෙන්දේසිවලින් මිලදී ගන්නා අබලි රථවල අංක සහ ලියාපදිංචි තොරතුරුවලින් මේ වන විට  ඩිෆ‍ෙන්ඩර් රථ රැසක් ධාවනය වන බවට තොරතුරු පොලිසියට ලැබී තිබීමය. බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කළ ඩි‌ෙෆන්ඩරය ද එවන්  ඩිෆ‍ෙන්ඩරයක් බව මේ වන විට අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මුලින්ම කොළඹින් ආරම්භ කෙරෙන මෙම මෙහෙයුම පසුව වෙනත් දිස්ත්‍රික්කවලද සිදු කිරීමට පොලිසිය බලාපොරොත්තු වන බවද මෙම නිලධාරියා තවදුරටත් සඳහන් කළේය. මීට අමතරව පොලිස් ගිනි නිවන…

ක්‍රිෂාන්ත එකම දිනයේ දැරියව 4 වරක් දූෂණය කළා ලක්ෂ 10 ක් දී පොලිසි නොයා බේරගන්න කතා කළා

දහසය හැවිරිදි පාසල් දැරියක බරපතල ලිංගික අපයෝජනයකට භාජන කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරන් ඊයේ ඇප මත මුදාහැරිය අතර එලෙස ඔහු මුදාහැරීම කෙතරම් යුක්ති යුක්තදැයි සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව තිබේ. මේ අතරවාරයේ සිද්ධිය සිදුවූ ආකාරය ගැන වැඩිදුර තොරතුරුද වාර්තාවී තිබේ.පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ අතවරයට ලක්වූ දැරිය පවුලේ වැඩිමලා වන අතර මන්ත්‍රිවරයා ශාන්තිකර්ම කරන අයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන නිසා ශාන්තිකර්මයක් කරවා ගැනීම සඳහා ඇය මවුපියන්ද සහෝදරයා සහ ඇගේ සහෝදරියකද සමග සැකකරුගේ බටදූවේ නිවසේ පිහිටි…