ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය අගමැති අතින් ඇරැඹේ

ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ විශාලතම අපනයන සැකසුම් කලාපය අද (04) බිංගිරියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලබයි. වසර 15 කට පසු මෙවැනි අපනයන සැකසුම් කලාපයක් ඉදිවෙන පළමු අවස්ථාව මෙය බවත්, එමගින් ඍජු විදේශ ආයෝජන, අපනයනය සහ රැකියා උත්පාදනය මගින් ආර්ථිකයට නව ජීවයක් ලබා ගැනීමට අපේක්ෂාය කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමා‍ත්‍ය නලින් බණ්ඩාර මහතා පැවසීය. මෙම සංවර්ධන කලාපය අදියර  තුනක් යටතේ සංවර්ධනය කරන අතර, පළමු අදියර යටතේ ජර්මන් වත්ත නම් වූ අක්කර 164 ක භූමි ප්‍රදේශය සංවර්ධනය කර නව කර්මාන්ත ශාලා 25 ක් ස්ථාපිත කරනු…

ළමා ආරක්ෂක අධිකාරියේ උවමනාවක් මත එම අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් 2017 වසරේදී සිදුකර ඇති මෙම සමීක්‍ෂණයට දිස්ත්‍රික් හයක පාසල් ළමයින් 900ක් පමණ යොදාගෙන තිබිණි.  ඒ අනුව මෙම සමීක්‍ෂණයේදී ශාරීරික දඬුවම් යටතේ මිට මොළවා හෝ පයින් පහරදීම් 17%ක්, බෙල්ලෙන් ඇද හුස්ම හිරකිරීම් 3.6%ක්, අඛණ්ඩව තදින් පහරදීම් 16%ක්, මුගුරක් හෝ තියුණු ආයුධයක් පෙන්වා තර්ජනය කිරීම් 3.8%ක්, බිම වැටෙන සේ තල්ලුකර දැමීම් 07%ක්, පිලිස්සීම් 0.6%ක් අනාවරණය කරගෙන ඇත.  මෙම තත්ත්වය අවම කර ගැනීම වෙනුවෙන් පාසල් තුළ දඬුවම් කිරීම අවසන් කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන්…

මත්ද්‍රව්‍ය මැඩලිමට නිළ සුනඛයින් 70 දෙනෙකුට විශේෂ පුහුණුවක්

කොකේන්, හෙරොයින් වැනි ඉහළ පෙළේ ඕනෑම මත්ද්‍රව්‍ය වැටලීමක් සාර්ථකව කළ හැකි විශේෂ පුහුණුව ලත් සුනඛයින් 70 දෙනෙකු, පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් මේ වනවිට සූදානම් කර තිබේ. එම කොට්ඨාසය සතුව මේ වනවිට පුහුණුව ලත් සුනඛයින් 222 දෙනෙකු සිටින අතර, ඉන් 70 දෙනෙකුට මෙලෙස මත්ද්‍රව්‍ය වැටලීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දී තිබේ. මෙම සුනඛයින් අතුරින් 60 දෙනෙකු විදේශයෙන් ගෙන්වා, මෙරටදී විශේෂ පුහුණුවක් ලබා දුන් සුනඛයින් වන අතර ,ඔවුන්ට ලොව පවතින අතිනවීන ආකාරයේ පුහුණුවක් ලබා දීමට පොලිස් නිල සුනඛ කොට්ඨාසය කටයුතු කර ඇති බව, එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න මහතා පැවසීය.…

නිට්ටෑවා යනු හුදු කල්පිතයක් ලෙස සලකා බැහැර කළ නොහැක්කක්

සියවස් දෙකකට පසු නිට්ටෑවා යළිත් කරළියට පැමිණ තිබේ. ‍ලේඛනගත ප්‍රවාදයක් ලෙස පමණක්  අප දැන සිටි නිට්ටෑවාගේ වාසභූමිය නැගෙනහිර පළාතේ කුඩුම්බිගල ප්‍රදේශයේ බව රටට පතළ කතාවකි. එහෙත් පසුගිය දෙසතියේ පළවූ පුවත්පත් සහ විකාශනය වූ ප්‍රවෘත්ති වැඩසටහන් සලකා බැලීමේදී නිට්ටෑවා සමස්ත ලංකා මට්ටමෙන් සමාජගතව ඇත්දැයි යන සැකය පවා අපට ඇතිවේ. ඒ දිගාමඩුල්‍ලේ කුඩුම්බිගලින් මතු නොව වයඹ පළාතේ කුලියාපිටියෙන් සහ රජරට විල් බැඳි දනව්වෙන් පවා නිට්ටෑවන් දුටු බවට පුවත් පළවීමත් සමගය. රට සිව් කොණ නිට්ටෑවන් දර්ශනය වන බවට වූ පුවත් නිසා මානව විද්‍යාඥයන්ගේ පමණක් නොව හුදී ජනයාගේද මානව විද්‍යාත්මක කුතුහලය මෙන්ම නිට්ටෑවන් පිළිබඳ…