ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට( මාර්තු 08) යෙදී ඇත.

1908 වසරේ මාර්තු 8 වැනිදා ඇමරිකාවේ ඇඟලුම් කර්මාන්ත සේවිකාවන් පිරිසක් සිය වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා ආරම්භකළ සටන සිහිවනු පිණිස 1911 වසරේදී මාර්තු 8 වැනදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කළේය.

මෙරට ජාත්‍යන්තර කාන්තා දින සැමරුම “සුහුරු කතක් – සොඳුරු ලොවක්” යන තේමාව ඔස්සේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වේ.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සාම්ප්‍රධායික භූමිකා ඉක්මවා බොහෝ ස්ථාන කරා කාන්තාවන්ට ගමන් කළ හැකි බව නූතන ස්ත්‍රිය භාවිතයෙන් සනාථ කර ඇති බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ස්ත්‍රී පුරුෂ සමභාවී සමාජ භාවිතය සවිබල ගැන්වීම සඳහා වඩාත් සුදුසු සහ විශිෂ්ඨ අවස්ථාවක් උදාවී ඇති බවය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ කාන්තාවන්ට ලැබිය යුතු නිසි තැන දිනා ගැනීම ,සමාජ ප්‍රගමනයට කාන්තාවන්ගෙන් ලැබෙන අනුපමේය දායකත්වය  ඇගයීම ආදියේදී ශ්‍රි ලංකාව සතුටු දායක තත්වයක පවතින බවයි.

මේ අතර අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය “ගැහැනුකම ඉක්මවිය යුතු ගැහැනිය” නමින් කොළඹ මහජන පුස්තකාලයේ සවස 3.00ට සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නියමිතය.

එහි දේශන සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනී ආචාරිණී සරෝජා පෝල්රාජ් මහත්මිය සහභාගීවීමට නියමිතය.

(Visited 28 times, 1 visits today)

Related posts

Leave a Comment