දරුවා සඟවා සැමියාගෙන් ලක්ෂ 35 ක් ගන්න ගිය මවට වැඩ වැරදුන හැටි

අවුරුදු 8ක් වයසැති තම දරුවා සඟවා විදෙස්ගතව සිටි සිය සැමියාගෙන් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලූ මවක් පිළිබඳව වවුනියාව නෙඩුන්කේනි පෙරියමඩු ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි ටී.තමිලවන් නැමති  දරුවා පසුගිය 06 වනදා සවස කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 35ක මුදලක් ඉල්ලා සිටින බවට දරුවාගේ මව විසින් පසුගිය 07 වනදා පුලියන්කුලම් පොලීසිය වෙතට දැනුම් දී ඇති අතර, ඉන් අනතුරුව පුලියන්කුලම් පොලීසිය විසින් අදාළ කප්පම් මුදල් ඉල්ලූ බවට සැකකෙරුණු දුරකථන අංක ඔස්සේ සිදු කරන ලද පරික්ෂණ වලදී පැහැර ගැණුනු දරුවා වවුනියා ඕමන්ත ප්‍රදේශයේ පාසල් මාර්ගයක පිහිටි නිවසක සඟවා සිටියදී සොයා ගෙන තිබුණා.

එම අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී දරුවාගේ මව ප්‍රදේශයේ බැංකු කිහිපයකට හා මූල්‍ය ආයතන කිහිපයකට ණය වී ඇති බවත්, අදාළ ණය මුදලින් ගෙවා දැමීමට විදෙස්ගතව සිටින සිය සැමියාගෙන් මුදල් ගැනීම සඳහා මෙම සැලසුම ක්‍රියාත්මක කොට ඇති බවත් හෙළිවී තිබුනා.

එසේම සැකකාර මව විසින් දරුවා බාප්පාගේ නිවසේ රඳවා  විදෙස්ගතව සිටින සැමියාට පවසා ඇත්තේ දරුවා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 35ක් ඉල්ලන බවයි. කෙසේ නමුත් පොලිස් පරික්ෂණ හේතුවෙන් ඔවුන්ගේ සැලසුම අසාර්ථක වී ඇති අතර අත්අඩංගුවට ගත් මව ඇතුළු තිදෙනො වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කනගරායන්කුලම් පොලීසියට භාර දීමට පුලියන්කුලම් පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබුනා.

(Visited 34 times, 1 visits today)

Related posts

Leave a Comment