තරුණ වෙන්න රහස් අටක්

තරුණ පෙනුම රැක ගන්න, තමන්ට නැති තරුණ පෙනුම ලබා ගන්න, අද කාලයේ කාන්තාවන් පමණක් නොව, පිරිමින් ද නොකරන දෙයක් නැත. එහෙත්, කිසිදු ආලේපනයකට සතයකුදු වැය නොකර, ඉතා සරල ක්‍රම අටකින්, ඕනෑම කෙනකුට තාරුණ්‍යයෙන් යුතු පෙනුමක් ලබාගත හැකි ය.

1. කලබල නොවී සන්සුන් වන්න

කාර්යය රැසක් කිරීමට තිබියදී, ඒ සියල්ලටම හිස මත දරා ගැනීම බොහෝ දෙනකුගේ සිරිතකි. එයින් වන්නේ, පීඩනය වැඩි වීමත්, කළු කෙස් සුදු වීමත් පමණි. එක් ‍වේලාවකට එක් වැඩක් ගැන අවධානය යොමු කරන්න. එය ඉතා හොඳින් කරන්න.

2. ව්‍යායාම කරන්න

ව්‍යායාම යහපත් සෞඛ්‍යයකට අත්‍යවශ්‍ය ය. එහි වටිනාකම වැඩිපුර දැනෙන්නේ වියපත් වූ පසුවයි. ව්‍යායාම කරන්නාට සිරුරේ සමබල බව රැක ගැනීමට, තුවාල, අනතුරුවලින් ආරක්ෂා වීමට පහසුවෙන් ම පුළුවන.

3. විවේකයක් ලබා ගන්න

යොවුන් පෙනුම රැක ගැනීමේදී, විවේකය අත්‍යවශ්‍ය දෙයකි. මෙයින් අදහස් වන්නේ, නිතර ම විවේකය ලබාගත යුතු බව නොවෙයි. ඔබ උදෑසන 9 සවස 5 අතර කාලපරාසයේ රැකියාව කරන්නකු නම්, දිවා ආහාරයට පෙර මිනිත්තු 15 ක පමණ විවේකයක් ද, දිවා ආහාර වේලාවේදී මිනිත්තු 30 ක පමණ විවේකයක් ද, ආහාරයෙන් පසු මිනිත්තු 15 ක විවේකයක් ද ලබාගත යුතු ය.

4. කතා කිරීමට වඩා ක්‍රියා කරන්න

පමණට වඩා කතා කිරීම නැති ගැටලු ඇති කරන්නකි. එය අනවශ්‍ය ලෙස ශක්තිය වැය කිරීමක් ද වෙයි. තරුණ පෙනුම රැක ගැනීමේදී, අඩුවෙන් කතා කර ක්‍රියා කිරීම වැදගත් ය. ක්‍රියාවන් වදන්වලට වඩා, උසස් හඬකින් යුතු බවට කතාවක් පවතී.

5. කෝපයට ඉඩ නොතබන්න

කෝපය කෙනකු ආතතියට, වයෝවෘද්ධ කිරීමට හේතු වන්නකි. එනිසා, කෝපයට ප්‍රතිවිරෝධතාවක් ඇතිකර ගන්න.

6. සතුට පාලනය කරන්න

සතුටු වීම යහපත් දෙයක් වුව ද, සීමාව ඉක්මවා සතුටු නොවිය යුතු ය.

7. පමණට වඩා සිතීමෙන් වළකින්න

යම් ගැටලුවක් ගැන පමණට වඩා සිතීමෙන්, ඒ ගැටලුව වඩාත් අර්බුදකාරී විය හැකි ය. කාංසාව ඉහළ ගොස්, වියපත් වීම වේගවත් වීමට එය හේතු වෙයි.

8. ආහාර රුචිය පාලනය කරන්න

සමබල ආහාර නිරෝගි දිවියක පදනමයි. සිත ගිය ආහාර ගැනීමට වඩා, සිරුරට හිතකර ආහාර ගැනීම තරුණකමේ රහසකි.

අන්තර්ජාලය ඇසුරිනි

චම්පිකා දීපානි

(Visited 26 times, 1 visits today)

Related posts

Leave a Comment