ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව ඔබේ ඡන්දය දෙන්න – පෙරටුගාමී සමාජවාදී පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපි මගින් දන්වයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ප්‍රතිත්‍රස්ත පනත ඡන්ද විමසීමක් සඳහා යොමු වුවහොත් එයට එරෙහිව ඡන්දය භාවිතා කරන ලෙසද, එය පරාජය කරන ලෙසද ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපි යොමු කර ඇත.

එම ලිපිය

මන්ත‍්‍රීතුමනි, මන්ත‍්‍රීතුමියනි,  ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් විනාශ කරන ප‍්‍රති-ත‍්‍රස්ත පනත පරාජය කිරීමරටේ සාමාන්‍ය නීතිය ඉක්මවමින් විශේෂ මර්දන නීති සකස් කිරීම මගින් ජනතාවගේ මූලික ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් උල්ලංඝනය වන බව අවිවාදිත කරුණක් වන අතර ලංකාවේ කාලයක් තිස්සේ මෙවැනි විශේෂ මර්දන නීති සකස් කිරීමේ සහ එම මර්දනීය නෛතික ප‍්‍රතිපාදන සාමාන්‍ය නීතියට එකතු කරන ක‍්‍රියාකාරීත්වයක් තිබිණි. මහජන ආරක්ෂක පනතේ සිට දියත්වූ එවැනි ක‍්‍රියාමාර්ග වල වඩාත් සමාජ විරෝධයට පාත‍්‍රවූ නීතිය වුයේ ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනතයි. උතුර සහ නැගෙනහිර පදනම් කර ගනිමින් ආරම්භ වූ සන්නද්ධ ක‍්‍රියාකාරීත්වය දඩමීමා කර ගනිමින් ගෙනඑන ලද එම පනත මගින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මූලික මානව අයිතීන් පවා උල්ලංඝනය වූ අතර එය බරපතල මර්දනීය ප‍්‍රහාරයක් සමාජය මත එල්ල කළේය. එනිසා ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA )සම්මත වූ මේ දක්වා දශක හතරක පමණ කාලයක් එය අහෝසි කරන ලෙස අඛණ්ඩ විරෝධතා දියත් විය. එබැවින් 1979දී තාවකාලික පනතක් ලෙස සම්මත කළ ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා අහෝසි කිරීමට යෝජනාවක්  ලෙස ඔබගෙන්  ඉල්ලා සිටිමු. එසේම එය අහෝසි කිරීම වෙනත් එවැනි මර්දන පනතක් නීතිගත කිරීම සඳහා ආවරණයක් නොවන සේ එම යෝජනාව ඉදිරිපත් කළ යුතුව තිබේ. ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීමට සමගාමීව එතරම් හෝ ඊටත් වඩා මර්දනකාරී අලූත් පනතක් සම්මත කිරීමට අදාළ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතී. පැරණි පනත වෙනුවට නව පනතක් ලෙස ත‍්‍රස්තවාදයට එරෙහි පනත සහ ප‍්‍රති-ත‍්‍රස්ත පනත (Counter Terrorism Act – CTA) ලෙස හැඳින්වෙන පනතක් සඳහා 2018 සැප්තැම්බර් 11වන දින කැබිනට් අනුමැතිය ලැබිණි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු එම පනත් කෙටුම්පත ආංශික කාරක සභා වල සාකච්ඡුාවට බඳුන් වී ඇති අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීමක් සඳහා ඉදිරිපත් වීමට නියමිතය.  මෙම නව පනත මගින් ප‍්‍රධාන වශයෙන්ම කර ඇත්තේ ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් මෙතෙක් නීතිය තුළ පැවතුනු අර්ථකථනය සහ මූලික පදනම වෙනස් කර උද්ඝෝෂණ සහ මහජන විරෝධතා ආදිය ත‍්‍රස්තවාදය ලෙස නිර්වචනය කිරීමයි. මෙම පනත සම්මත වුවහොත් වැඩවර්ජන සහ අනෙකුත් උද්ඝෝෂණ ත‍්‍රස්තවාදය ලෙස නිර්වචනය කෙරෙනු ඇති අතර වෘත්තීය සමිති, ගොවි සමිති, ශිෂ්‍ය සංගම් ඇතුළු ජනතා සංවිධාන ත‍්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කිරීමේ අවකාශයක් විවෘතව ඇත. මෙම පනත මගින් දැනට වෙනත් අණ පනත් ඇතුළු නීති මගින් වරදවල් ලෙස නම් කර තිබෙන වරද පවා යලි ත‍්‍රස්තවාදී වරද ලෙස අර්ථකථනය කර තිබේ. මෙහි ඇති බරපතලම මර්දනීය උත්සාහය වනුයේ පුද්ගල නිදහස සහ යාම්ඊම් නිදහස පවා අවහිර කිරීමේ බලය දේශපාලන බලාධිකාරයට ලැබීමයි. පොදුවේ ගත්කළ මෙමගින් කෙරෙන්නේ පවතින ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය විවේචනය කිරීම, ඒ සම්බන්ධයෙන් මත පල කිරීම, උද්ඝෝෂණික බලපෑම් කිරීම ආදී සියල්ල ත‍්‍රස්තවාදය ලෙස අර්ථ දක්වා ඒ සියල්ල මර්දනය කිරීමට අවකාශය විවර කර ගැනීමයි. එය ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන්ට එල්ල කර ඇති ප‍්‍රබල ප‍්‍රහාරයක් වන අතර ඇතැම් විට එය ලංකාවේ නීති ඉතිහාසයේ ඉදිරිපත්වූ බරපතලම මර්දන උත්සාහය වනු ඇත.ඉහත සඳහන් කළ හේතුද ඇතුළු තවත් හේතු ගණනාවක් නිසා ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන්ට පටහැනි නව පනත පරාජය කළ යුතුව තිබෙන හෙයින් උක්ත පනත් කෙටුම්පතට එරෙහිව ඡුන්දය භාවිතා කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු. මෙවැනි විශේෂ මර්දන නීති සම්මත වීමට ඉඩ හැරීම සහ ඒවාට පක්ෂ වීම ඔබ මහජන නියෝජිතයෙකු ලෙස තෝරා පත් කිරීමට ඡුන්දය භාවිතා කළ ජනතාවගේ අයිතීන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන් පාවා දීමක් බවද, ජනතාව විසින් පවරා ඇති බලය අවභාවිතා කිරීමක් බවද සිහිපත් කිරීමට කැමැත්තෙමු. ජනතා විරෝධී ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීමට සහ නව ප‍්‍රති-ත‍්‍රස්ත පනත පරාජය කිරීමට ඔබගේ දායකත්වය අපේක්ෂා කරමු. ස්තුතියි.මෙයට,  දුමින්ද නාගමුව ප‍්‍රචාරක ලේකම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය  ….

(Visited 39 times, 1 visits today)

Related posts

Leave a Comment