ඇමරිකන් ආරක්ෂක ගිවිසුමට එරෙහිව පෝස්ටර් ඇලවූ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර අත්සන් කිරීමට නියමිත නව ආරක්ෂක ගිවිසුම සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ පෝස්ටරයක් අලවමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් දෙදෙනෙකු ගම්පහ ප්‍රදේශයේදී අද(17) අලුයම පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමරිකානු හමුදාවලට මෙරට රාජ්‍ය තාන්ත්‍රික බලතල හිමිකර දෙමින් මෙරට රජය අත්සන්කිරීමට නියමිත ගිවිසුමට විරෝධය පළකරමින් මෙම පෝස්ටර් ව්‍යාපාරය සිදුකර ඇති අතර අද අලුයම ගම්පහ පොලිස් නිළධාරීන් පිරිසක් පැමිණ පෝස්ටර් අලවමින් සිටි තරුණයන් දෙදෙනෙකු සහ ඔවුන් සතුව තිබූ පෝස්ටර් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් තරුණයන් මේ වනවිට ඇප මත නිදහස් කර ඇති අතර ලබන 19 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස ද දන්වා ඇතැයි වාර්තා වේ.

(Visited 49 times, 1 visits today)

Related posts

Leave a Comment