අයිඩායි සුළි කුණාටුව නිසා ජීවිත හානි 600ක්

අප්‍රිකාවේ දකුණු දිග කලාපයේ මලාවි, සිම්බාබ්වේ සහ මොසැම්බික් යන රටවලට බලපෑ අයිඩායි සුළි කුණාටුවෙන් සිදුවූ මරණ ප්‍රමාණය 600කට ආසන්න බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටියි.

පසුගිය සති අන්තයේ දී අප්‍රිකානු මහද්වීපයට බලපෑ සුළි කුණාටුවෙන් වැඩිම හානිය සිදුව ඇත්තේ මොසැම්බික් රාජ්‍යයටය.

ඉන් එරට අගනුවරද ඇතුළුව නගර රැසකට දැඩි හානි සිදුව ඇති අතර වෙරළාසන්න බෙයිරා නගරය සම්පූර්ණ වශයෙන්ම පාහේ විනාශයට පත්ව ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර සුළං සහ ගංවතුර හේතුවෙන් විපතට පත් මොසැම්බික් වැසියන් වෙනුවෙන් ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන යටතේ ආරම්භ වී ඇත.

ඒ සඳහා ගුවන්යානා සහ හෙලිකොප්ටර් යානා ලබාදීමටද එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන කටයුතු කළේය.

(Visited 14 times, 1 visits today)

Related posts

Leave a Comment