සේනා ලෝකයටම තර්ජනය වන ලකුණු

රීලංකාවේ බඩ ඉරිඟු වගාවන්ට බලවත් තර්ජනයක්ව පවතින සේනා දළඹුවා ආසියානු කලාපයෙන් නොනැවතී ලෝකය පුරාම පැතිරෙමින් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි කර්ම සංවිධානය බැංකොක්  හිදී පැවැති තෙදින සමුළුවක් අතරතුර එම කරුණ සාකච්ඡාවට ගැණිනි.

2016 වසරේ සේනා දළඹු උවදුර ආවේණික ඇමෙරිකානු කලාපයෙන් බැහැරව අප්‍රිකානු කලාපයට පැතිරීමත් සමග එම කලාපයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට අධික වගා හානි සිදු වී ඇතැයි ගණන් බලා තිබේ. මේ වන විට ආසියානු කලාපය පුරා තර්ජනයක්ව පවතින සේනා දළඹු උවදුර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය ආදී රටවලද, චීනයේ යුනෑන් පළාතේද පැතිරී තිබේ. ශ්‍රී ලංකාවේ හෙක්ටයාර 40 000 ක බඩ ඉරිඟු වගා බිම් ප්‍රමාණයක උවදුර පැතිර යාමෙන් බඩ ඉරිඟු අස්වැන්නෙන් සියයට 20 ක ප්‍රමාණයකට හානි සිදු වී ඇතැයිද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත හෙළි කරයි. 

“දළඹු උවදුර ලෝක සීමා මායිම් නොබලා පැතිරීමේ තර්ජනයක් තිබෙනවා. මේ උවදුරට මුහුණ දුන් රටවල්වලින් අනෙක් රටවල් මෙම උවදුර පාලනය කිරීමට ගත් ක්‍රියා මාර්ග පිළිබඳ දැනුවත් විය යුතුයි.” යනුවෙන් එක්සත් ජාතීන්ගේ ආහාර  හා කෘෂි කර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාප සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය වන කුන්දාවි කදිරේෂන් පැවැසීය.

උදානි විජයසුන්දර 

(Visited 31 times, 1 visits today)

Related posts

Leave a Comment