ශ්‍රී ලංකාව අවසන් තරගයත් දකුණු අප්‍රිකාවට පරදී

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තුන්වන විස්සයි විස්ස තරඟයෙන් ඩක්වත් කුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාව ලකුණු 45ක පරාජයක් ලැබුවා. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2කට ලකුණු 198ක් ලබා ගත් අතර ලකුණු 199ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 110ක් ලබා සිටි අවස්ථාවේදී තරඟයට වැස්සෙන් බාධා ඇති වුණා.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව පන්දු 35කදී ලකුණු 72ක් ලබා ගත යුතුව තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 4කදී ලබා ගත හැකි වුයේ සියලු දෙනාදැවී…

උළු කර්මාන්තය හේදෙන දසාවක්

හිසට සෙවණ හිතට නිවන කැන්දයි. කුටුම්බය අව්වට වැස්සට ඔරොත්තු දෙන ආකාරයට ආරක්ෂා කරන්නේ සෙවිලි ද්‍රව්‍ය නිසාය. මීට දශක තුනකට අප ගමන් කළ යුතුය. අතීතය දෙස නෙත් යොමන විට අපට දැනෙන හැඟෙන සැනසිල්ලක් වන්නේ එකම ආකාරයට නිවාස සඳහා සෙවිලි වර්ග භාවිතා කර තිබීමය. බොහෝ ගෙවල් රට උළු භාවිතා කර තිබූ අතර ඒ තුළ පරිසරය හා බද්ධ වූ උප සංස්කෘතියක්ද නිර්මාණය විය. වර්තමානයේ අපට නානාවිධ බෝ නොවන රෝග පිළිබඳ අසන්නට ලැබෙයි. එහෙත් අතීත මිනිසා තුළ එසේ සුවකළ නොහැකි භයානක රෝග දක්නට නොලැබුණි. විද්‍යාත්මකව සොයාගෙන ඇති ආකාරයට එසේ විවිධ රෝග ඇතිවීමට ප්‍රධානම හේතුව…

අසත්‍ය ප්‍රවෘත්තියක් සමාජගත කරන්න බන්දුල ගුණවර්ධන උත්සාහ දරා තිබෙනවා

අධ්‍යාපන අමාත්‍යාංශය නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් අධ්‍යාපනය පුද්ගලිකකරණය කිරීමේ උත්සාහයක නිරතව සිටින බවටත්, සැලසුම් සහගතව පෞද්ගලික පාසල් සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බවටත් අසත්‍ය ප්‍රවෘත්තියක් සමාජගත කරමින් ජනතාව නොමඟ යැවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක දී උත්සාහ දරා තිබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පෞද්ගලික පාසලක දරුවකු උසස් පෙළ විභාගයට පෙනී සිට ඉහළ ප්‍රතිඵල ලබාගත් විට ඒ හරහා නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය උත්සාහ දරන බව සඳහන් කරමින් මින් පෙර අවස්ථාවක දී ද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ජනතාව නොමඟ යැවීමේ නිරර්ථක උත්සාහයක යෙදුණු අතර,…

රුපියල තවත් ශක්තිමත් වෙයි

රුපියලේ අගය අමෙරිකා ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් තිබේ. ලෝක ආර්ථික පරිවර්තනය හමුවේ පසුගිය වසර තුළ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය විය. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම විනිමය අර්බුදයට විසදුම් ලෙස කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට රුපියලේ අගය සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරයි. මේ වනවිට ඩොලරයක විකුණුම් මිල රුපියල් 179 . 78ක් ලෙසත් ගැනුම් මිල රුපියල් 175 .93ක් ලෙසත් සටහන් වේ.