උළු කර්මාන්තය හේදෙන දසාවක්

හිසට සෙවණ හිතට නිවන කැන්දයි. කුටුම්බය අව්වට වැස්සට ඔරොත්තු දෙන ආකාරයට ආරක්ෂා කරන්නේ සෙවිලි ද්‍රව්‍ය නිසාය.

මීට දශක තුනකට අප ගමන් කළ යුතුය. අතීතය දෙස නෙත් යොමන විට අපට දැනෙන හැඟෙන සැනසිල්ලක් වන්නේ එකම ආකාරයට නිවාස සඳහා සෙවිලි වර්ග භාවිතා කර තිබීමය. බොහෝ ගෙවල් රට උළු භාවිතා කර තිබූ අතර ඒ තුළ පරිසරය හා බද්ධ වූ උප සංස්කෘතියක්ද නිර්මාණය විය.

වර්තමානයේ අපට නානාවිධ බෝ නොවන රෝග පිළිබඳ අසන්නට ලැබෙයි. එහෙත් අතීත මිනිසා තුළ එසේ සුවකළ නොහැකි භයානක රෝග දක්නට නොලැබුණි.

විද්‍යාත්මකව සොයාගෙන ඇති ආකාරයට එසේ විවිධ රෝග ඇතිවීමට ප්‍රධානම හේතුව ලෙස කෘතිමව ගොඩනගා ගත් සෙවිලි තහඩු ආදිය හේතුවී ඇති බව සොයාගෙන තිබේ.

වර්තමානයේ බොහෝ දෙනකු පීඩා විඳින පිලිකා වර්ග මෙන්ම ඇතැම් ශ්වසන රෝගවලටද ප්‍රධානම හේතුව ඇස්බැස්ටෝස් වැනි නවීන සෙවිලි තහඩුය. ගැටලු රැසක්ම අප එලිපත්ත මත රැඳී ඇති අවධියක නැවතත් ගල් යුගයට යාමට මිනිහට සිදුවේ දැයි අනුමාන කළ හැක.

උළු කර්මාන්තයේ මහා පරිමානයෙන් නිරතවූ දන්කොටුව වැනි ප්‍රදේශවල බොහෝදෙනෙක් කර්මාන්තයෙන් ඈත්වී සිටී.

මීට ප්‍රධානම හේතුව අතිනවීන තාක්ෂණයෙන් හැඩගන්වන සෙවිලි තහඩු විවිධ නම්වලින් වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමය.

මෙකී නව නිෂ්පාදන හා කරට කර තරගයක් දීමට සාම්ප්‍රදායික උළු කර්මාන්තකරුවන්ට නොහැකි අතර පාරිභෝගිකයන්ද නව නිෂ්පාදන පසුපසම හඹායාම තුළ ගැටලුව තව තවත් උග්‍ර වනු ඇත.

චන්දන වන්නිආරච්චි,
දෙහිඅත්තකණ්ඩිය.

(Visited 36 times, 1 visits today)

Related posts

Leave a Comment