උතුරු පලාතේ පළමු වරට මෝටර් රථ ධාවන රැලියක්…

උතුරේ වැසියන්ට නව අත්දැකීමක් එක් කරමින් උතුරු පලාතේ පළමු වතාවට මෝටර් රථ ධාවන රැලියක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනයේදී සංවිධානය කොට තිබුණි.

යාපනය නගරසභා ක්‍රීඩාංගනයේදී සහ වෙත්තලකේනී අතර මෙම මෝටර්රථ ධාවන රැලිය පැවති අතර යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ සංකල්පයකට අනුව මෙම මෝටර්රථ ධාවන රැලිය පැවත්වුණි.

ශ්‍රීලංකා මෝටර්රථ සංගමය, ශ්‍රීලංකා යුද හමුදා මෝටර්රථ සංගමය හා උතුරු පලාත් මෝටර්රථ සංගමය සහභාගීත්වයෙන් උතුරේ ජීවත්වන තරුණයින්ට නව අත්දැකීමක් එක් කිරීමේ අරමුණු ඇතිව මෙම රැලිය සංවිධානය කොට තිබූ අතර මේ සඳහා ලංකාවේ ප්‍රමුඛතම මෝඨර්රථ ධාවකයින් හා යතුරුපැදි ධාවකයින් සහභාගී වූහ.

මෝටර් රථ ධාවන රැලිය අවසන් උත්සවය පැවති අවස්ථාවේදී යාපනය කට්ටෙයිකාඩු ප්‍රදේශයේ අඩුආදායම්ලාබී පාසල් ළමුන් 150 දෙනෙකු වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ ඇතුලු ත්‍යාග ප්‍රධානයක්ද සිදු කෙරුණි.

මෙම උත්සව අවස්ථාවට ශ්‍රීලංකා යුද හමුදා මෝටර්රථ සංගමයේ සභාපතිද වන යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා, 51, 52, 55 යන සේනාංකයන්හි සේනංකාධීපතිවරුන් , ශ්‍රීලංකා මෝටර් රථ සංගමයේ සභාපති ඉෂ්වාහන් අහමඩ් මහතා, උතුරු පලාත් මෝටර්රථ සංගමයේ සභාපති පරමේෂ් මහතා ඇතුලු පිරිසක් සහභාගී වූශ.

(Visited 34 times, 1 visits today)

Related posts

Leave a Comment