ලෝක කුසලානය අත ළඟ ශ්‍රී ලංකාව කොට උඩ කටු ඔටුන්න කාට ද?

ලෝක කුසලානය අත ළඟ ශ්‍රී ලංකාව කොට උඩ කටු ඔටුන්න කාට ද? කොල්ලනේ නියමයි. එකක් මතක තියා ගන්න. අපි අවසානය තෙක් සටන් වදින්නෙමු. ශ්‍රී ලංකාව ඔබ සමඟයි. මම අනෙක් අය ගැන දන්නේ නැහැ. නමුත් මම ඔබ ගැන අතිශය ආඩම්බර වෙනවා. මේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු විස්සයි 20 තරගය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු සටනක් අවසානයේ සුපිරි පන්දු වාරයේ පරාජය වීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සුබ පතමින් ෆේස්බුක් ඔස්සේ තබන ලද සටහනකි. ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වීමට තවත් ඇත්තේ දෙමසකට ආසන්න කාලයකි. ශ්‍රී ලංකා කණ්ඩායම…

ලංකාවට ආ පසු වාඩුව ගන්න මධුෂ් සැරසේ

ලංකාවේ පාතාල මර්දනය ආණ්ඩුවෙන් ආණ්ඩුවට, කාලයෙන් කාලයට එක එක විදිහට ක්‍රියාත්මක වෙයි. එහෙත් අද වනතෙක් පාතාලය සම්පූර්ණයෙන් මර්දනය කිරීමට කිසිදු රජයකට හැකියාවක් ලැබී නැත. ඔන්න මර්දනය කළා මෙන්න මර්දනය කළා කීවත් කාලයත් සමඟ පාතාලයෝ කරළියට එන්නේ ගුල්වල සැඟවී සිටින නයි පොළොඟුන් මෙනි. එසේ පැමිණ එළව එළවා පහරදෙන්නේ ඔවුන් එකී වළට තල්ලු කළ උන්ගෙත් උන්ගේ පැවැත්මට අභියෝග කළ උන්ටත් එක්කමය. මේ නිසා දැන් මුළු රටම අපරාධ ලෝකයක් බවට පත්ව ඇත. එක පැත්තකින් කුඩුය. අනෙක් පැත්තෙන් මිනීමැරුම්ය. මේ සියල්ල මැද පාතාලයෝ රඟ දෙති. කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ රටම එක කුඩු විමානයක්…

අප ඉදිරියේදී ගොඩනගන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අනිවාර්යයෙන්ම තියෙන්නේ සාමූහික නායකත්වයක්

මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක    රටේ දේශපාලනයේ නව තත්ත්වයන් සම්බන්ධයෙන් මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා සමඟ කළ සාකච්ඡාවකි.    ප්‍රශ්නය – ‘‘රට සූදානම් නම් මාත් සූදානම්’’ කියලා ගෝඨාභය රාජපක්ෂ කිව්වා. ඔබේ කඳවුරේ සූදානම කොහොමද?    පිළිතුර – ඇත්තටම ගෝඨාභය මහත්මයාට තමන්ගේ ඇමරිකන් පුරවැසිකම අත හැරලා මේ රටේ ඡන්දය ඉල්ලන්න අයිතිය තියෙනවා. නමුත් රාජපක්ෂ පවුලේ ඒ කඳවුරේ තියෙනවා විශාල ප්‍රශ්නයක්. ඒක තමයි රාජපක්ෂ පවුලෙන් පිට මහින්ද, බැසිල්, ගෝඨාභය, නාමල්, චමල්, යෝෂිත එහෙම නැත්නම් තව ඉන්න රාජපක්ෂලා හෝ ඒ ගොල්ලන්ට ගෑවිච්ච නැති අයගෙන්…

ජනාධිපතිතුමා සහ අප අතර අලුත් අවබෝධයක් ගොඩනැගෙමින් පවතිනවා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අලුත් අවබෝධයක් ගොඩනැගෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයාට පොහොට්ටුවෙන් ප්‍රහාර එල්ලවන විට අපත් ජනාධිපතිවරයාට ප්‍රහාර එල්ල නොකළ යුතුය යන ස්ථාවරයට පැමිණ තිබෙන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මෙම සාකච්ඡාවේදී පැවසුවේය. මේ ඒ සටහනය.  ප්‍රශ්නය:විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නම් කිව්වේ ‘සිහින මාළිගාවලට වැසිකිළි හදන අයවැයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා?   පිළිතුර:- ඒ ගොල්ලන්ගේ සිහින මාළිගා ඔක්කොම කඩාවැටුණා. ඒ ගොල්ලන්ගේ සිහින මාළිගා ඒ ගොල්ලෝ හදාගෙන හිටියා ජනාධිපතිතුමත් එක්ක. එහෙම සිහින හද‌ාගෙන තමයි කිව්වේ ‘අයවැය පරද්දවනවා’ කියලා. තමුන්නාන්සේලාගේ පත්තරවලත් ගියා ‘අයවැය පරද්දවන්න විශාල මෙහෙයුමක්’ කියලා.…