බුද්ධි අංශ අඩපණ කර නෑ

බුද්ධි අංශ කිසිසේත්ම අඩපණ කර නොමැති අතර ඒ පිළිබඳ දේශපාලන උවමනා මත ඇතමුන් පතුරවා හරින කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මේ වන විට අත්අඩංගුවේ පසුවන්නේ බුද්ධි අංශ නිලධාරීන් හතර දෙනෙකු පමණක් බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන ඇමැති නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. ඝාතනයට ලක්වූවන්ගේ හත්දවසේ දානය දීමටත් පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා මිනිස් සිරුරු මතින් දේශපාලනය කරමින් ජනාධිපති අපේක්ෂක ලෙස ක්‍රියා කිරීමට තැත් කිරීම තරයේම හෙළා දකින බව ඇමැතිවරයා පැවසීය. පොලිසිය, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශවල දහසකට වැඩි සංඛ්‍යාවක් සිටින බව පැවසූ ඇමැතිවරයා ඒ අතරින් අත්අඩංගුවේ පසුවන්නේ පැහැර…

මෙල්බර්න් නුවරදී ශෝක වීමටත් ඉඩ ‌නොදුන් එල්ටීටීඊ නරුමයෝ ‌

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් ශ්‍රී ලංකාවේ මියගිය අයගේ ‌මෙල්බර්න් නුවර ‌වෙසෙන ඥාතීන් ඇතුළු පිරිසක් මෙල්බන් නුවර ෆෙඩරේසන් චතුරශ්‍රයේදී බෝම්බ ප්‍රහාරයන්ගෙන් ජීවිත අහිමිවූවන් සිහිකර පුෂ්පෝපහාර උළෙලක් සහ අනුස්මරණ දේශනා කිහිපයක් පැවැත්වූූහ. ඒ අවස්ථාව අතරතුර එල්ටීටීඊ සංවිධානයේ කොඩිය රැගත් කිහිපදෙනෙකු පැමිණ විරෝධතාවයක යෙදීම අතිශය කනගාටුදායක කරුණක් විය. ඒ නරුම සිද්ධියේ ‌සේයාරුවක් ඇතුළු පුෂ්පෝපහාර උළෙලේ අවස්ථා කිහිපයක් ‌මෙහි දැක්වේ.

“දුවට අවුරුදු 15 ක් වුණාම සහරාන්ට විවාහ කර දුන්නා – විවාහයට කලින් එක් වතාවක් අපි ඔහුගේ නිවසට ගියා” – සහරාන්ගේ මාමාණ්ඩි මාධ්‍යයට කිව්ව කතාව

ෂැංග‍්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් මියගිය කණ්ඩායමේ නායකයා වන මෙහොමඩ් කාසීම් මොහොමඩ් සහරාන් සිය බිරිඳ තෝරාගත්තේ විවාහ වීම සඳහා ඇයගේ වයස සම්පූර්ණ වීමටත් කලින් බව සහරාන්ගේ මාමණ්ඩිය පවසනවා. සහරාන්ගේ බිරිඳ වන අම්බදුල් කාදර් ෆාතිමා සාදියා කල්මුණේ බෝම්බ ප‍්‍රහාරයෙන් තුවාල ලැබ මේ වනවිට අම්පාර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. මගේ දුව තමයි අම්බදුල් කාදර් ෆාතිමා සාදියා. ඇය ඇතුළු පිරිසක් පසුගියදා කල්මුණේ බෝම්බ පුපුරවාගෙන කියලා දැන ගන්න ලැබුණා. ඒ සිද්ධියෙන් පස්සේ බුද්ධි අංශයේ නිලධාරීන් මගේ ගෙදරට ආවා. ඵ් නිලධාරීන් මට එයාලගේ ෆොටෝ පෙන්නුවා. ඒ මගේ දුවත් මිනිපිරියත් බව හඳුනා ගත්තා”…

“ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක්, අපිත් ඔවුන් අනුගමනය කළ යුතුයි” බුර්කාව තහනම් කිරීමේ ශ්‍රී ලංකා නීතියට ලෝකයෙන්ම ප්‍රශංසා!

මෙරට ජාතික ආරක්ෂාව තර්ජනයකට ලක් වන මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීම පිළිබඳ දැඩි කතාබහක් පසුගිය දිනවල ඇති වුනා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ පසු එම මෙරටින් එවැනි ඇඳුම් තහනම් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මෙරට සමාජය තුලින්ම ඇති වුනා. ඉන්පසුව බුර්කාව ඇතුලු සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන ඇඳුම් මෙරටින් තහනම් කිරීමේ නීතියක් පසුගියදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලතල භාවිතා කරමින් පැනවූවා. ශ්‍රී ලංකා රජයේ එම තීරණය ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තා කළ පසු විදෙස් සමාජජාලා පරිශීලකයන් ශ්‍රී ලංකා රජයේ එම තීරණය දැඩි ලෙස ප්‍රශංසා කරමින් අදහස් දක්වා තිබුනා. ඔවුන් පවසා තිබුනේ…

‘‘මම මක්කම ගියාම මගේ කටේ දකුණු පැත්ත කැපුවා – මවුලානා ආණ්ඩුකාරතුමා දැක්ක මගේ කට කපනවා‘‘ මුස්ලිම් අන්තවාදයට එරෙහිවුන යහියා මවුලවිතුමා කියන කතාව

පසුගිය දින රටේ ඇතිවූ හදිසි තත්වයත් සමඟ මෙරට ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. මෙම මුස්ලිම් අන්තවාදයට එරෙහිව කතා කරපු සහ කතා කරන යහියා මවුලවීතුමා ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ගේ බලවත්ම ජීවමාන ආගමික සතුරා බවට පත්වෙලා තියෙනවා. කොච්චිකඩේ නිවුන්හැම් චතුරස්‍රයේ පිහිටි ජුම්මා දේවස්ථානයේ මෙන්ම කොළඹ නගර සභාව අසල පිහිටි ප්‍රකට දවටගහ පල්ලියේද නිතිපතා ධර්මය දේශනා කරන ඔහු තව්හීඩ් ජමාත් අන්තවාදීන්ගේ ඝාතන ප්‍රයත්නයන්ගෙන් සහ පැහැර ගැනීම් වලින් දිවි ගලවාගෙන මේ වෙද්දි හුදකලාව ජීවත් වෙනවා. කොහොම වුනත් ආගමික ගුරුවරයෙකු වන යහියා මවුලවීතුමා අද සතිඅන්ත පුවත්පතක් හා එක්වෙමින් බොහොම වැදගත් කරුණු කාරණා රැසක් හෙළි කර තිබුණා.…

සමාජ ජාලා තහනම ඉවත් කරන්න ගම්මන්පිලගෙන් ඉල්ලීමක්

සමාජ ජාලා තහනම ඉවත් කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් සිදු කරන බව පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියි.  (26) පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙම අදහස් පල කර සිටියේය. “රටේ ප්‍රශ්නයක් වුණු ගමන් සමාජ ජාලා තහනම් කරන ලොව එකම රට ලංකාවයි.  තාක්ෂණය දියුණු ලෝකයේ සමාජ ජාලා තහනම විහිළුවක්. අද කවුරුත් වරචුවල් ප්‍රයිවට් නෙට්ර්වක් හෙවත් වී.පි.එන් භාවිතා කර සමාජ ජාලා වලට ගොඩ වෙනවා. තහනම තිබිය දී ජනාධිපති අගමැති සමාජ ජාලා වලට පණිවිඩ එකතු කරනවා.  ඒ නිසා ලෝකය ඉදිරියේ තවදුරටත් විහිළුවක් නොවී මේ තහනම්…

අපි බලය ගත්තේ ජන­තා­වගේ මුදල් ගසා කන්න නොවෙයි

අපි අධි­ක­ර­ණය ස්වාධීන කර තියෙ­නවා. ඒක කාටත් එකයි. අද අපි අධි­ක­ර­ණය ගැන බලා ඉන්නේ ස්වාධී­න­ව­යැයි අධි­ක­රණ හා බන්ධ­නා­ගාර ප්‍රති­සං­ස්ක­රණ ඇමැති තලතා අතු­කෝ­රළ මහ­ත්මිය පැව­සු­වාය. ඇමැ­තිනී නීතිඥ තලතා අතු­කෝ­රළ මහ­ත්මිය මේ අද­හස් පළ කළේ ජල­ස­ම්පා­දන හා සනී­පා­ර­ක්ෂක පහ­සු­කම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘ­තිය යටතේ රුපි­යල් ලක්ෂ 778ක් විය­දම් කර­මින් වැඩ අව­සන් කළ බලං­ගොඩ උඩ­කන්ද ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අව­ස්ථා­වට එක්වෙ­මිනි. මෙහි ප්‍රති­ලාභී පවුල් සංඛ්‍යාව 475ක් වන අතර මේ වසරේ ජූලි මස මේ ව්‍යාපෘ­තියේ වැඩ අව­සන් කිරී­මට නිය­මි­තව තිබුණ ද සිංහල සහ දමිළ අලුත් අවු­රු­ද්දට පෙර එය ජනතා අයි­ති­යට පත් කිරී­මට කට­යුතු…

එජාප ශ්‍රීලනිප ජවිපෙ මැයි රැලි අවලංගුයි

රට මුහුණදුන් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් එළැඹෙන මැයි මස 01දා පැවැත්වීමට නියමිත මැයි පෙළපාළි  හා රැස්වීම් අවලංගු කිරීමට දේශපාලන පක්ෂ කිහිපයක් මේ වන විට තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අවලංගු කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහ‍ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවැසීය. ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලියද අවලංගු කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ‍ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවැසීය. මේ අතර විපක්ෂයේ මැයි දින රැලිය නොපැවැත්වීම පිළිබඳව තවම අවසන් තීන්දුවක් ගෙන නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ලක්බිමට පැවැසීය. එම තීරණය…

ලොව ඉහළම ධනපතියකුගේ දරු තිදෙනකුත් බෝම්බ ප්‍රහාරයට බිලි

ඉකුත් ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරවලින් ඩෙන්මාර්කයේ ධනවත්ම මිනිසා වන ඇන්ඩර්ස් හෝල්ච් පෝල්සන්ගේ (46) දරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙකු ම ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇන්ඩර්ස් හෝල්ච් පෝල්සන් , ඔහුගේ බිරිඳ ඈන් ඇතුළු පවුලේ සාමාජිකයන් සියලු දෙනා නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි පෝල්සන්ට අයත් සමාගම්හි මාධ්‍ය ප්‍රකාශක උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ. අල්මා , ඇස්ට්‍රිඩ් , ඇග්නස් සහ ඇල්ෆ්‍රඩ් යන ඔවුන්ගේ දරුවන් සිව් දෙනාගෙන් දිවිබේරාගෙන ඇති දරුවා කවුරුන්දැයි, යන්න මෙතෙක් ප්‍රකාශ කර නොමැත. ඇන්ඩර්ස් හෝල්ච් පෝල්සන් බ්‍රිතාන්‍යයේ දෙවන විශාලතම පෞද්ගලික ඉඩම් හිමියා වන බව පැවසෙන අතර ස්කොට්ලන්තයේ 1% වඩා…