එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩිම ණය ඉල්ලුම “සොඳුරු පියස“ට. මෙතෙක් දී ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 79 ක්

ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ලියාපදිංචි කර ඇති ණය සංඛ්‍යාව 46,673කි. මේ යටතේ රුපියල් මිලියන 78,621.6ක් වටිනා ණය ලබා දී තිබේ. වැඩිම ණය ප්‍රමාණයක් ලබා දී ඇත්තේ “සොඳුරු පියස” නිවාස ණය යෝජනා ක්‍රමය යටතේය. එම ණය සංඛ්‍යාව 20,286කි. “ගොවි ජනතාව” වෙනුවෙන් ක්‍රියාත්මක “රන් අස්වැන්න” සහ “ගොවි නවෝදා” ණය යෝජනා ක්‍රම වෙත ද ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ. ඒ අනුව “රන් අස්වැන්න” ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය සංඛ්‍යව…

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස් පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු ඇය රඟපෑවේ 2004දී එංගලන්තයේ රූගත කළ ජූලියා චිත්‍රපටයේ විතරයි. අද වෙද්දී සසන්තිගේ පුතා සේනිය බූප වයස 19ක නව යොවුන් තරුණයෙක්. කාලෙකට පස්සේ සසන්තියි ඇගේ පුතයි ආපහු ලංකාවට ඇවිල්ලා. ආයෙමත් ලංකාවට ඇවිත් යන්න හිතුනේ විශේෂ හේතුවක් හින්දද? නැහැ… නැහැ… කොහොමටත් මම වසර කීපයකට වතාවක් හරි ලංකාවට ඇවිල්ලා යනවා. මේ ආවේ අවුරුදු 11කට පස්සේ. මාර්තු 7 වැනිදා ආවා. ආයේම අප්‍රේල් 3 වැනිදා යනවා. සසන්ති ලංකාවට ආවා කිව්වට රසිකයෝ…

සන්ධාන සාකච්ඡාවලින් පළක් නැහැ – ශ්‍රීලනිල ජ්‍යෙෂ්ඨයෝ මෛත්‍රීට දන්වති

රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල, මහින්ද පිල සමග පවත්වන ලද සාකච්ඡා ප්‍රතිඵල රහිත බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා වෙනම තරඟ කළ යුතු බවත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෝ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ. මහින්ද පිල සමග පැවති සාකච්ඡාවලදි දෙපාර්ශවය එකඟතාවට පැමිණි යෝජනා අතර ඉදිරි ජනාධිපතිවරණයේදී හෝ මහ මැතිවරණයේදී ශ්‍රීලනිපය කටයුතු කරන ආකාරය පිළිබඳව කිසිදු යෝජනාවක් නොමැති බවත් මින් සිදුවන්නේ ශ්‍රීලනිපයේ අනන්‍යතාවට හානි සිදු වී පක්ෂය විනාශයට පත්වීමක් බවත් ඔවූහු ජනාධිපතිවරයාට පැහැදිලි කර තිබේ. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය…

කේරල ගංජා දී ඇඟ විකිණූ නිරූපිකාවෝ මාට්ටු

සිරුර විකුණා මුදල් ඉපැයීම වෘත්තියක් ලෙස ගත්කල හඳුන්වනු ලබන්නේ ගණිකා වෘත්තිය ලෙසින්ය.මෙරට විවිධ සමාජ මට්ටම්වලට අයත් කාන්තාවන් විවිධ හේතූන් මත සිය පැවැත්ම පිණිස ‘‘ඇඟ’’ විකිණීම කිසිදු කැත හිරිකිතයකින් තොරව සිදු කරන අතර එම කුලකයට අයත් කාන්තාවන්ගේ පහස සොයා යන්නන් අතර සුසිල්වත් සිල්වත් යැයි කියා ගන්නා හොර උපාසකයන් ද බහුලය.ධනය බලය සහිතව එවැනි සේවාලාභීන් පිණිස ඇඟ මස විකුණනු ලබන සුපිිරි පන්තියට අයත් ගණිකා ජාවාරම් ආදිය ද මෙරට තුළ දකින්නට ඇත.ඒ ආකාරයට කලක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක් වැටලීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් සමත් වූහ.දූෂණ මර්දන ඒකකයට ලැබුණ…

2019දී සංචාරක පැමිණීම් මිලියන 3ක් දක්වා වැඩි කිරීමේ සූදානමක්

සංචාරක පැමිණීම 2019 වසරේ මිලියන 03 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. අමාත්‍යවරයා පවසා සිටියේ මෙවර අයවැයේදී සංචාරක කර්මාන්තයට හොඳ විශ්වාසනීයත්වයක් ලබාදී ඇති බවයි. එමෙන්ම, බස් හා දුම්රිය ස්ථාන සනීපාකරක්ෂාවට මෙහි මුදල් වෙන්කර ඇති බවත්, සංචාරක ඉදිකිරීම් සඳහාද ජනතාවට මුදල් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

ෆේස්බුක් එකේ බෙදුම්වාදය තහනම්

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා ‘සුදු ජාතිකවාදය සහ බෙදුම්වාදය අගය කිරීම්, ඊට සහය පළ කිරීම සහ එම මතවාදය නියෝජනය කිරීම’ අවහිර කරන බව ෆේස්බුක් සමාගම පවසයි. “ත්‍රස්තවාදී කණ්ඩායම්” විසින් පළ කරනු ලබන අදහස් හඳුනා ගැනීමට ඇති හැකියාව වර්ධනය කර ගැනීමට සහ ඒවා අවහිර කරන බවට සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ෆේස්බුක් සමාගම ප්‍රතිඥා දී ඇත. ප්‍රකෝපකාරී යෙදුම් සොයන (Search) ෆේස්බුක් භාවිත කරන්නන් අන්ත දක්ෂිණාංශිකත්වයට එරෙහිව සටන් කරන ස්වේච්ඡා සංවිධානයක් වෙත යොමු කිරීමට මේ අනුව පියවර ගනු ඇත. නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකක් වෙත එල්ල කළ වෙඩි ප්‍රහාර සජීවීව විකාශය කිරීමත් සමග ෆේස්බුක්…