සන්ධාන සාකච්ඡාවලින් පළක් නැහැ – ශ්‍රීලනිල ජ්‍යෙෂ්ඨයෝ මෛත්‍රීට දන්වති

රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල, මහින්ද පිල සමග පවත්වන ලද සාකච්ඡා ප්‍රතිඵල රහිත බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා වෙනම තරඟ කළ යුතු බවත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෝ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මහින්ද පිල සමග පැවති සාකච්ඡාවලදි දෙපාර්ශවය එකඟතාවට පැමිණි යෝජනා අතර ඉදිරි ජනාධිපතිවරණයේදී හෝ මහ මැතිවරණයේදී ශ්‍රීලනිපය කටයුතු කරන ආකාරය පිළිබඳව කිසිදු යෝජනාවක් නොමැති බවත් මින් සිදුවන්නේ ශ්‍රීලනිපයේ අනන්‍යතාවට හානි සිදු වී පක්ෂය විනාශයට පත්වීමක් බවත් ඔවූහු ජනාධිපතිවරයාට පැහැදිලි කර තිබේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟ පැවති සාකච්ඡාවලදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අදහස වී ඇත්තේද තමාගේ සහාය අවශ්‍යනම් ශ්‍රීලනිපයේ අනන්‍යතාව ආරක්ෂා කළ යුතු බවත් බණ්ඩාරනායක ප්‍රතිපත්ති අනුව පක්ෂය ඉදිරියට යා යුතු බවත්ය.

(Visited 19 times, 1 visits today)

Related posts

Leave a Comment