අරලිය ගහ මන්දිරයෙදී අද උදෑසන සමුගත් STF විරුවාගේ සංවේදී කථාව ….

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකු අද උදෑසන ජිවිත ගමන තම ගිනි අවියෙන් නිමා කරගත්තා.

ඔහු අරලියගහ මන්දිරයේ ආරක්‍ෂාවට යොදවා සිටි අයෙකු බවත්, රාජකාරී ගිනි අවියෙන් මෙසේ කරගත් බව තමා අපිට වාර්තා වුනේ.මෙයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පොලිසිය පවසයි.

මෙම සෙබළා අනතුරෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇත.ඔහු 31 හැවිරිදි අයෙකු බව ද ආරංචි මාර්ග පවසයි.

මේ අතර පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ අද පෙරවරුවේදී ඇති වූ මේ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසත් ඔහු කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

මෙහි අවස්තාගත කරුණ ගැන මේ වන විට ලැබෙන තොරතුරු අනුවනම් නිලධාරියාගේ බිරිඳ අද විදේශ ගතවීමට තිබූ අතර ඒ වෙනුවෙන් නිලධාරියාට දින විවේකයක් ලබානොදීම හේතුවෙන් කලකීරීමට පත්ව මෙම අවාසනාවන්ත සිදුවීම සිදුකරගෙන කියලයි ආරංචිය

කෙසේ වෙතත් මේ වගේ අවස්ථාවල කරන නිමාඩු ඉල්ලීම් සම්බන්ධයෙන් මානුෂික හැගීමෙන් ප්‍රමුඛතාවයක් නොදී අන්තනෝමතික ලෙස නිලධාරීන් පීඩාවට පත් කිරීමේදී මෙවැනි සිදුවීම සිදුවීම අනාගතයේදීත් සිදුනොවීමටනම් නිවැරදි ක්‍රමවේදයක් ඇති කිරීම රාජ්‍ය නිලධාරීන් සියල්ලටම හොදයි

දයාබර සොයුර ඔබට නිවන්සුව…..

(Visited 34 times, 1 visits today)

Related posts

Leave a Comment