සිංහල අවුරුද්දේ රටටම රබන් හඬ නංවන කූරගල මිනිස්සු

බක්මහ එළැඹෙන විට සිහියට නැ‍ෙඟන්නේ බාල වියයි. ඒ සිද්ධීන් කිහිපයක් මුල් කරගෙන ය. එකක් නම් රතට රතේ මල් පිපෙන එරබදු වැටියයි. ‍ෙම් කියන්නට යන එරබදු වැටිය තිබුණේ අපේ නිවසට මදක් එහායින් ඇති දෙවැටේ ය. එකල සැන්දෑවන විට මිනිසුන් දෙවැටෙන් යාමට බියය. ඒ ‍දවාලටත් මඳ අඳුරක් ඉසිලූ දෙවැටේ යම් යම් අය ඇතැයි ගෙතී තිබූ කතා නිසා ය. අනෙක නම් මිදුල ඉදිරිපස තිබූ ජෑම් ගසට පැමිණෙන කොවුලන් ය. මේ කොවුලන් අතර සුදු තිත් තිත් වැටුණු (පුල්ලි) කොහාලා ද සිටියේ ය. උන් හඬ නගන විට උන් අනුකරණය කරන්නට වීමු. “ඔය සතා රවටන්න එපා.”…

දමා ගිය ටිකට්පතට හිමි දිනුම අයිතිකරුට බාරදෙයි

පුෂ්පකුමාර මල්ලවආරච්චි දිනුමක් නැතැයි කියා විසිකර දමා ගිය ලොතරුයි පතට රුපියල් ලක්ෂයක දිනුමක් හිමිව ඇති බව දුටු ලොතරැයි අලෙවිකරුවකු සිය අලෙවි නියෝජිතයා දැනුවත් කර අයිතිකරු සොයා තෑගි මුදල ලබාදුන් පුවතක් වාර්තා වෙයි. මෙසේ අයිතිකරු සොයා අවුරුදු ත්‍යාගයක් ලෙස ත්‍යාග මුදල ලබා දිමට පියවර ගත්තේ මීරිගම පොලිසිය ඉදිරිපිට අලෙවිසැලේ අලෙවිකරු පුෂ්පකුමාර පෙරේරා  හා ලොතරැයි අලෙවි නියෝජිත එච්.ඒ.කේ බන්දුල යන මහත්වරුන් විසිනි. පල්ලෙවෙල පූගොඩ පදිංචිකරුවකු වන රුවන් අසංක මහතා මීරිගම නගරයට පැමිණි අවස්ථාවේදී මෙම අලෙවි සැලෙන් කෝටිපති ශනිදා ටිකට් පතක් ලබා ගෙන ඇත. පසුදිනක එම ස්ථානයට පැමිණි රුවන් මහතා තමන් අතවූ ටිකට්පත…

මධූෂ් ලංකාවට එන තෙක් ඔහු නායකත්වය දෙන කණ්ඩායම් බලා සිටිති.. සියළු දෙනාගෙන් පලි ගැනීමට සූදානම්..

මෙරටට හෙරොයින් ගෙනෙන ප්‍රධාන ජාලයක් වන මාකඳුරේ මධූෂ්ගේ කණ්ඩායම දැන් අන්ත අසරණ වී ඇත. එය තාවකාලික පසුබැස්මක් වුවත් කවුරුන් හෝ මධූෂ් හිරකිරීමෙන් සතුටු වනවානම් එය භයානක සිහිනයකි. මධූෂ්ට අභියෝග කළ අය පමණක් නොව එසේ අභියෝග කරවුන්ගේ හත්මුතු පරම්පරාවම නැති කිරීම මධූෂ්ගේ න්‍යාය විය. ඒ නිසා මධූෂ් මෙරටට රැගෙන විත් බන්ධනාගාර ගත කළහොත් එසේ ගතකළ දා සිට මධූෂ්ට අභියෝග කළ සියලු දෙනා තම ඉරණම ලියා අවසන් කළ යුතු වීමට ඉඩ තිබේ. ඒ මධූෂ්ගේ හැටිය. දැනට පාතාලයෙනුත්, බුද්ධි අංශ හරහාත් ලැබෙන තොරතුරුවලට අනුව මධූෂ් ලංකාවට පැමිණෙන තෙක් ඔහු සෘජු ලෙස සහ වක්‍රව…