ලොව ඉහළම ධනපතියකුගේ දරු තිදෙනකුත් බෝම්බ ප්‍රහාරයට බිලි

ඉකුත් ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරවලින් ඩෙන්මාර්කයේ ධනවත්ම මිනිසා වන ඇන්ඩර්ස් හෝල්ච් පෝල්සන්ගේ (46) දරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙකු ම ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇන්ඩර්ස් හෝල්ච් පෝල්සන් , ඔහුගේ බිරිඳ ඈන් ඇතුළු පවුලේ සාමාජිකයන් සියලු දෙනා නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි පෝල්සන්ට අයත් සමාගම්හි මාධ්‍ය ප්‍රකාශක උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ. අල්මා , ඇස්ට්‍රිඩ් , ඇග්නස් සහ ඇල්ෆ්‍රඩ් යන ඔවුන්ගේ දරුවන් සිව් දෙනාගෙන් දිවිබේරාගෙන ඇති දරුවා කවුරුන්දැයි, යන්න මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

ඇන්ඩර්ස් හෝල්ච් පෝල්සන් බ්‍රිතාන්‍යයේ දෙවන විශාලතම පෞද්ගලික ඉඩම් හිමියා වන බව පැවසෙන අතර ස්කොට්ලන්තයේ 1% වඩා වැඩි භූමි ප්‍රදේශයක් ඔහුට අයත් බව පැවසේ.

ෆෝබ්ස් සඟරාවට අනුව ඇන්ඩර්ස් පෝල්සන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 7.9 කි.

(Visited 9 times, 1 visits today)

Related posts

Leave a Comment