එජාප ශ්‍රීලනිප ජවිපෙ මැයි රැලි අවලංගුයි

රට මුහුණදුන් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් එළැඹෙන මැයි මස 01දා පැවැත්වීමට නියමිත මැයි පෙළපාළි  හා රැස්වීම් අවලංගු කිරීමට දේශපාලන පක්ෂ කිහිපයක් මේ වන විට තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අවලංගු කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහ‍ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවැසීය.

ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලියද අවලංගු කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ‍ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවැසීය. මේ අතර විපක්ෂයේ මැයි දින රැලිය නොපැවැත්වීම පිළිබඳව තවම අවසන් තීන්දුවක් ගෙන නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ලක්බිමට පැවැසීය. එම තීරණය වෘත්තීය සමිති විසින් සාකච්ඡා කොට ගනු ඇති බවද ඔහු පැවැසීය.  ජනතා විමුක්ති පෙරමුණද මැයි රැලිය හා පෙළපාළිය නොපවත්වන බව එම පක්ෂයේ ප්‍රචාරක ‍ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයෙකි. පානුක රාජපක්ෂ 

(Visited 10 times, 1 visits today)

Related posts

Leave a Comment