“ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක්, අපිත් ඔවුන් අනුගමනය කළ යුතුයි” බුර්කාව තහනම් කිරීමේ ශ්‍රී ලංකා නීතියට ලෝකයෙන්ම ප්‍රශංසා!

මෙරට ජාතික ආරක්ෂාව තර්ජනයකට ලක් වන මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීම පිළිබඳ දැඩි කතාබහක් පසුගිය දිනවල ඇති වුනා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ පසු එම මෙරටින් එවැනි ඇඳුම් තහනම් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මෙරට සමාජය තුලින්ම ඇති වුනා.

ඉන්පසුව බුර්කාව ඇතුලු සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන ඇඳුම් මෙරටින් තහනම් කිරීමේ නීතියක් පසුගියදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලතල භාවිතා කරමින් පැනවූවා.

ශ්‍රී ලංකා රජයේ එම තීරණය ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තා කළ පසු විදෙස් සමාජජාලා පරිශීලකයන් ශ්‍රී ලංකා රජයේ එම තීරණය දැඩි ලෙස ප්‍රශංසා කරමින් අදහස් දක්වා තිබුනා. ඔවුන් පවසා තිබුනේ ලොවම ගත යුතු තීරණයකට ශ්‍රී ලංකාව මුල් පියවර තැබූ බවත් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි සිය රටවල් ශ්‍රී ලංකාවේ නිර්භීත තීරණය අනුගමනය කළ යුතු බවයි.

එවන් අදහස් කිහිපයක් පහතින්,

(Visited 423 times, 1 visits today)

Related posts

Leave a Comment