ජාතික වීරයකු විය යුතු අප අමතක කල සහරාන්ගේ පළමු ගොදුර වූ මොහොමඩ් රසක් තස්ලීම්

ජාතික වීරයකු විය යුතු අප අමතක කල සහරාන්ගේ පළමු ගොදුර වූ මොහොමඩ් රසක් තස්ලීම් පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර අපට ඉස්ලාම් ත්‍රස්තවාදීන් අවසානයට ලබා දුන් පණිවුඩය 2019 මාර්තු 09 ලබාදුනි,ඒ බුදුපිලිම කැඩීමට පුද්ගලයන් පිලිබඳ තොරතුරු ලබා දුන් මොහොමඩ් රසක් තස්ලීම්ගේ හිසට වෙඩි තැබීමයි.නමුත් අප ආරක්ෂක අංශ මෙය සතපහකට ගනන් ගත්තේ නැත.සැබැවින්ම එය පණිවුඩ කරුවාට වෙඩි තැබීමකි.අදටත් මේ මුස්ලිම් ජාතික වීරයා කතාකරගත නොහැකිව ඇදක වැතිර සිටිනවා.මේ පිලිබදව බීබීසී මාධ්‍යවේදී Secunder Kermani විසින් හෙළිදරව් කරන පරිදි මොහොමඩ් රසක් තස්ලීම් මාර්තු මාසයේදී අන්තවාදී ත්‍රස්තයෙකුගේ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් මේ වන විට රෝහල්ගතව සිටිනවා.පොලීසිය පවසන පරිදි…

දොස්තර ෂාෆිට එරෙහි පැමිණිලි 300 ඉක්මවයි

සිසේරියන් සැත්කම් හරහා කාන්තාවන් වඳභාවයට පත්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ෂාෆි ෂිහාබ්ඩීන් වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (30දා) දිනය වනවිට ලැබී තිබූ සම්පුර්ණ පැමිණිලි සංඛ්‍යාව  300 ඉක්මවා ගොස් තිබූ  බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ එම පැමිණිලි භාරව සිටින නිලධාරියෙක් සඳහන් කළේය. ඊයේ දිනයේ පමණක් පැමිණිලි 99 ක් ලැබී තිබූ අතර, එම පැමිණිලි  ඉදිරිපත් කළ කාන්තාවෝ⁣නාරම්මල, කුලියාපිටිය, ගොකරැල්ල, පොල්ගහවෙල, වැල්ලව, පොල්පිතිගම, බරන්දන, කටුපිටිය සහ මාවතගම යන  ප්‍රදේශවල පදංචිකාරියෝ වෙති. කෙසේ වුවද මේ වනතෙක් ලැබී ඇති පැමිණිලි සියල්ලම සිංහල කාන්තාවන්ගේ පමණක් වීම විශේෂ කරුණක් බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය. මෙලෙ පැමිණිලි කිරීමට පැමිණි පොල්පිතිගම පදිංචි 34…

නරක්වූ පොල්ගෙඩිය ආපසු දෙන්න රු.500 ක් දී ත්‍රිරෝදරියක ඇවිත්

(නාඋල – ඉන්දික අරුණ කුමාර)රුපියල් හැටකට නාඋල නගරයෙන් මිලදී ගත් පොල් ගෙඩියක් නිවසට ගොස් බලන විට නරක්වීම හේතුවෙන් උරන වූ කාන්තාවක් රුපියල් පන්සීයක් වැයකර ත්‍රි රෝද රථයකින් පැමිණ අදාළ වෙළදසැලේ හිමිකරුට බැණ වැදීමේ සිද්ධියක් පසුගිය දා නාඋලින් වාර්තා විය. හැමදාමත් බඩු ගන්නා වෙළඳසලෙන් සුපුරුදු පරිදි පොල් තෝරාගත් කාන්තාව කඩිමුඩියේ නාඋලින් කිලෝමීටර් ගණනක් දුර ප්‍රදේශයක පිහිටි සිය ගම්මානයට ගොස් ඇත්තේ රෑ බෝවීමට පෙරය. ගමට ඇති එකම බස් රථයෙන් ගමට ගියද රාත්‍රි ආහාර වේල සැකසීමට යාමේ දී තමන් ගෙනා පොල් ගෙඩිය නරක් වී ඇති බව දැනගත් මේ කාන්තාවට ඉන්න තැනද අමතක වී…

විභාගය කොටකර ගුරුවරිය නාන්න ගිහින්

ඉෂානි හංසිකා අමරදිවාකර)සත් කෝරළයේ එක්තරා ප්‍රසිද්ධ පාසලකි. මේ සියලු පාසල්වල වාර අවසාන විභාග පැවැත්වෙන සමයයි. මෙම ප්‍රසිද්ධ පාසලේ ද උසස් පෙළ පන්තියේ සිසුන් උදෑසනම පාසලට පැමිණ සිටියේ විභාගයට සාර්ථකව මුහුණ දීමේ අපේක්‍ෂාවෙනි. උදෑසන ආගමික වතාවත් නිමවා සියලු සිසුහු විභාග ශාලාවට ගොස් වාඩි වූහ. තමන් ළඟ තිබූ පොත්පත් ඉවත් කර පාඩම් කළ කරුණු මතකයෙහි රඳවාගෙන අපේක්‍ෂා සහිතව බලා සිටියහ.  කාලය එළඹි පසු විභාග ශාලාවේ සිටි ගුරුවරිය ප්‍රශ්න පත්‍ර බෙදීම ආරම්භ කළාය. හෝරා කිහිපයක් ගත වූ පසු සිසුන්ගෙන් අඩක් පමණ ප්‍රශ්න පත්‍රය ලියා අවසන් කර කලින්ම විභාග ශාලාවෙන් පිටව ගොස් තිබුණි. හරියාකාරව…

එජාපය ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීවයි

පොදුජන පෙරමුණ පවුලේ පක්ෂයක්. ඔවුන්ගේ ජනාධිපතිධූර අපේක්ෂකයා තීරණය කරන්නේ ඔවුන්ගේ පාලක පවුලයි. ඒ අපේක්ෂකයා දින්නොත් ඔවුන්ගේ පවුල රට පාලනය කරනවා. එජාපයේ අපි සෑම විටම අපේ ජනාධිපතිධූර අපේක්ෂකයා සහ පක්ෂ නායකයා තෝරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයටයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පක්ෂය සටන් කළා මෙන්ම අපේ පක්ෂය ඇතුළේත් ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ක්‍රියාත්මක වෙනවා. මම දන්න දෙයක් තමයි පක්ෂයේ ඕනෑම ‍අයකුට මේ දේවල් සම්බන්ධයෙන් නිදහසේ අදහස් ප්‍රකාශ කළ හැකියි කියන එක යැයි ක්‍රමෝපායන සංවර්ධන සහ අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ සන්ඩේ ඔබ්සෝවර් පුවත්පත සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි. *…

බීබර් අතහැර Selena Gomez අවුරුදු 68 ක සිනමා තරුවක් විවාහ කරගන්න කතාව ඇත්තක්ද..? ඇයට මානසික රෝගයක්ද..?

ජනාප්‍රිය ගායිකාවක් ලෙස ලෝක ප්‍රසිද්ධියට පත්ව සිටින Selena Gomez 68 හැවිරිදි සිනමා තරුවක් සමග විවාහ වීමට සූදානම් වනබව විදෙස් මාධ්‍ය පසුගියදා අනාවරණය කර තිබුණා.මේ පිළිබඳව Selena Gomez සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේද සටහනක්ද තබා තිබුණා.කෙසේ වෙතත් 68 වැනි වියේ පසුවන ‍හොලිවුඩ් නළු Bill Murray සමගින් ඇය පසුගියදා කෑන්ස් චිත්‍රපට උළෙලට සහභාගී වී තිබෙනවා.එහිදී Selena Gomez සහ Bill Murray එකට සිටින ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින්ද තිබෙනවා.ඇය තම ඉන්ස්ග්‍රෑම් ගිණුම ඔස්සේ තම පෙම්වතා පිළිබඳව සඳහන් කල පසු ඇය පිළිබඳව බොහෝ දෙනෙකු මත පලකර තිබුණා.ඒ පිළිබඳව මේවනවිට සමාජ මාධ්‍ය සහ විදෙස් මාධ්‍ය දරන්නේ…

තොරන් හා දන්සල් නීත්‍යනුකූලව තහනම් කරන්න ඉල්ලීමක්

වෙසක් සහ පොසන් පෙහොය දිනවලදී තොරණ සහ දන්සල් පැවැත්වීම නීත්‍යනුකූලව තහනම් කිරීමට අදාළ නීතිරීති අනුමත කරදෙන ලෙස බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කළේය. ත්‍රෛනිකායික මහනාමිහිවරුන් බැහැදැකීමට (27) මහනුවරට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේය. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා අද පෙරවරුවේ ප්‍රථමයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැකීම ආශිර්වාද ලබාගැනීම සඳහා අස්ගිරි මහා විහාරය වෙත පැමිණියේය. අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගෙන්ද ආශිර්වාද ලබා ගැනීම සඳහා මල්වතු මහාවිහාරය වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

බදියුදීන් එරෙහි විශ්වාසභංගයට ටෙලෝ සංවිධානයේ සහය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානය තීරණය කර තිබේ. ටෙලෝ සංවිධානයේ  ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගීතවයෙන් පැවති තීරණාත්මක සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති අතර මීට එම සංවිධානය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් දෙදෙනාම එකගතාව පලකර ඇත.

ඇමති බදියුදීන්ට විරුද්ධව ඡන්දය දීමට ජ.වි.පෙ තීරණය කරයි

රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත. බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී අද (27) පැවති මාධ්‍යහමුවකදී  එහි ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පැවසුවේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවන් මත පදනම්ව මෙම තීරණය ගත් බවයි. සමස්ත ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවේ කිසිඳු ඇමැතිවරයෙක් ආරක්‍ෂා කිරීමේ උවමනාවක් නැතැයි ද විජිත හේරත් මහතා කීවේය.

වසර 50කට පසුව පිටපිට දෙවරක් දිනු එකම නායකයා

ඉන්දීය දේශපාලනයේ ගෙවී ගිය වසර 50ක කාලය තුළ දී කිසියම් දේශපාලන පක්ෂයක් පිට පිට ‍මැතිවරණ දෙකක දී පාර්ලිමේන්තුව තුළ පැහැදිලි බහුතරයක් දිනා ගත් එකම අවස්ථාව සනිටුහන් කරමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක් වාර්තා කළේ ඉන්දියාව තවත් වසර 5ක කාලයක් සඳහා නරේන්ද්‍ර මෝදි වෙත බාර කරමිනි. මෙම ලිපිය ලියන විට නිකුත් කෙරී ඇති ප‍්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය මන්ත‍්‍රී ආසන 350ක්, ඉන්දීය ජාතික කොංග‍්‍රසය ආසන 85ක් සහ වෙනත් පක්ෂ ආසන 107ක් ලබා ගෙන සිටියේය. කිසියම් දේශපාලන පක්ෂයක් ‍ඉන්දීය ලෝක් සභාවේ ආණ්ඩු බලය පිහිටුවීමට…