නීතිවිරෝධී කඩු, කිනිසි වහාම ළඟම පොලීසියට බාර දෙන්න

තමන් සතුව ඇති කඩු, කිනිසි, උල් පිහි වැනි සියලුම නීති විරෝධි ආයුද අද (04) සහ හෙට (05) දෙදින තුළ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාර දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ජනතාවට සඳහන් කරයි.

පසුගිය අප්‍රේල් මස 21 වන දින දිවයින පුරා සිදුවු බෝම්බ පිපිරීම් සමඟ පසුගිය දින කිහිපය පුරාද අද දිනයේද රට පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී මෙවැනි නීති විරෝධි ආයුධ රැසක් සොයා ගැනීමට ආරක්ෂක අංශයන්ට හැකියාව ලැබී තිබිණි.

මේ හේතුවෙන් නීති විරෝධිව තමා සන්තකයේ ඇති ආයුධ‍ පොලිස් ස්ථානයන්ට බාර දීමට කටයුතු කරන ලෙස පොලීසිය වැඩිදුරටත් මහජනතාවට දන්වා සිටීයි.

(Visited 65 times, 1 visits today)

Related posts

Leave a Comment