මව සමග නිදා සිටි පාසල් දැරිය හොරෙන් ගෙනගොස් අඹුසැමියන් ලෙස සිටි සිව්දරු පියා අතුරුදන් – තනියම ඉන්න බැහැ කියා දැරිය ගෙදර එයි

මහනුවර හාරගම ප්‍රදේශයේ මවක්‌ 17 හැවිරිදි තම දියණිය අතුරුදන්ව ඇතැයි තලාතුඔය පොලිසියට ඉකුත් මාසයේ පැමිණ මෙසේ පැමිණිල්ලක් කළාය.

“දුව මහනුවර උසස්‌ කාන්තා විදුහලක උසස්‌ පෙළ විභාගයට ඉගෙන ගන්නවා. දුව ගමේම පදිංචි, ශිවලිංගම් සුබ්‍රමනියම් කියන අවුරුදු හතළිස්‌ දෙකක්‌ වයස, සිව්දරු පියෙක් සමග සම්බන්ධකම් පැවැත්වූවා. එම සම්බන්ධය වහාම අත්හරින ලෙස මම ඔහුට පවසාත් තියෙනවා.

මාර්තු 3 වැනිදා රාත්‍රී මා දුවත් සමග එකම ඇඳක නිදාගත්තා. එදා මගේ ස්‌වාමියා ගෙදර සිටියේ නැහැ. පාන්දර බැලුවාම දුව ඇඳේ හිටියේ නැහැ. පසුව මා ශිවලිංගම් සුබ්‍රමනියන්ගේ බිරිඳට දුරකථනයෙන් කතාකර ඇගේ ස්‌වාමියා ගෙදර සිටී දැයි ඇසුවා. ස්‌වාමියා ගෙදර නැති බව ඇය කිව්වා.“ 

පසුව අතුරුදන්ව සිටි ඇගේ දියණිය නිවසට පැමිණ ඇති අතර ඇයත් සමග මව, පසුගිය 11 වැනිදා තලාතුඔය පොලිසියට පැමිණි අතර, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනිය ඇතුළු නිලධාරීනියන් ආ ගිය විස්‌තර දියණියගෙන් විමසන ලදුව ඇය මෙසේ පවසා ඇත.

 “සුබ්‍රමනියම් සහ මම අතරේ අවුරුදු තුනක පමණ සිට ප්‍රේම සම්බන්ධයක්‌ තිබුණා. මාර්තු 03 වැනිදා අලුයම ඔහු සමග ගිහින්‌, මයිලපිටියේ රණවිරු උයන ඉස්‌සරහ ගෙදරක අපි අඹුසැමියන් ලෙස ජීවත්වුණා. පසුව ඔහු ආගිය අතක්‌ නැහැ. මම ගෙදර ආවා.

පසුව දැරිය තලාතුඔය පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් මහනුවර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර, වාර්තාවක්‌ ලබාගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබේ. දැරිය වෙරළුවත්ත රජයේ ළමා නිවාසයේ රැඳවීමට නියෝග කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කර තිබේ.

(Visited 613 times, 1 visits today)

Related posts

Leave a Comment