ලකාවට ෂරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නෑ – අගමැති

මෙරටට ෂරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බවත් එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරන ලබන ආයතන හැමටම විවෘත විය යුතු බවට සහ සියලූ දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන වෙනත් කොන්දේසි ද ඊට ඇතුලත් කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.

මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තව දුරටත් නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

(Visited 10 times, 1 visits today)

Related posts

Leave a Comment