මහින්ද විශ්වාසභංගයට අත්සන් නොකළේ බදියුදීන්ගෙන් මුදල් අරගෙනද?

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සමහර දේශපාලනඥයින් තවමත් අත්සන් කර නැති බවත් එසේ අත්සන් නොකළ සමහරු බදියුදීන් ඇමතිවරයා විසින් අල්ලස් වරදාන ලබා දී මිලට ගෙන තිබෙනවා දැයි සැකයක් පවතින බවත් මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතාත් මෙම විශ්වාසභංගයට අත්සන් යොදා නැති අතර විමල් වීරවංස මහතාගේ තර්කය අනුව මහින්ද රාජපක්ෂ මහතාද විශ්වාසභංගයට අත්සන් කර නැත්තේ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගෙන් අල්ලස් වශයෙන් මුදල් ලබාගෙන තිබීම නිසා විය හැකිය.

එමෙන්ම විමල් වීරවංස මහතාගේ පක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සහ මහින්ද පිලේ බොහෝ මන්ත්‍රීවරු මෙයට අත්සන් තබා නැත්තේද රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගෙන් මුදල් ලබාගෙන විය හැකිය.

(Visited 7 times, 1 visits today)

Related posts

Leave a Comment