භූතානයේ දොස්තර අගමැති

මහජන ඡන්දයෙන් ජයගෙන රටේ අගමැති වුවත් කලින් කරමින් සිටි රැකියාව අත් නොහළ අපූරු මිනිසෙකු වෙත පසුගිය සතියේ ලෝකයේම ජනමාධ්‍ය ඇස යොමුව තිබුණි. ඔහු භූතානයේ අගමැති ලොටේ ෂෙරිං (Lotey Tshering) ය. 1968 වසරේ සාමාන්‍ය පවුලක දරුවෙකු ලෙස උපන් ලොටේ වෘත්තියෙන් ශෛල්‍ය වෛද්‍යවරයකි. ඔහු මෞත‍්‍රවේදය පිළිබඳ වෛද්‍ය පුහුණුව සපුරාගෙන ඇත්තේ විස්කොන්සින් වෛද්‍ය විද්‍යාලයෙනි. එය ඔහුගේ පශ්චාත් උපාධියයි. අවසානයේ ඔහු ආපසු භූතානයට එන්නේ එම පුහුණුව ලත් එරට ප‍්‍රථම ශල්‍යවෛද්‍යවරයා වශයෙනි. අද ඔහු රටේ අගමැතිවරයාය. එහෙත් සතිඅන්තය ඔහු ගතකරන්නේ අගමැතිවරයා ලෙස නොවේ. සෙනසුරාදා දවස ගතවෙන්නේ රජයේ රෝහලේය. ඔහු ලෙඩුන් බලයි. ඒ දවසේ ඔහු වාට්ටුවේ…

‍පොළොන්නරුවේ ඇඟලුම් සේවිකාව පුලුස්සා මරා දැමූ “ප්‍රේමය”

අයේෂා මධුමාලී කිසිවකුටත් වරදක් නොකළ තරුණියක් බව එම කම්හ‍ලේ සේවිකාවෝ පවසති.                           ‍පොළොන්නරුව හිඟුරක්ගොඩ රතනසාර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා අ.‍පො.ස (උ.පෙළ) විභාගය සඳහා වැලිවේරිය මද්දුම බණ්ඩාර විදුහලට යන ඇය උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල වරම් අහිමි වූ නිසා බාහිර උපාධිය හදාරමින් සිටියාය. අයේෂා කෞෂල්‍යා මධුමාලි තරුණිය රැකියාව කළේ ‍පොළොන්නරුව කුරුප්පු හන්දිය ප්‍රදේශයේ ඇති ඇඟලුම් කම්හලකය. ඇය පදිංචිව සිටියේ   පොළොන්නරුව කරුවලගස්යාය, අක්කර අටසීය, අංක 3 නිවසේය. ඉකුත් අප්‍රේල් මස 10දා වැනදා මෙන් අයේෂා මධුමාලි නිවසින් පිටවන්නේ අලුත මිලදී ගත් ස්කූටර් වර්ගයේ යතුරුපැදියෙන් නොව සුපුරුදු ගාමන්ට් බස් රථයෙනි. ඇය බසයට නගින්නට නිවසෙන් පිට ආවේ…

විදේශිය සංචාරකයින් දුන් දන්සැල

ජර්මානු ජාතික සංචාරකයන්   පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී වෙසක් උත්සවය  සමරමින් සිසිල් බීම දන්සලක් 19 දින සහ 20 දින පවත්වන්නට යෙදුණහ . දඹුල්ල විහාර හන්දිය තරුණ පිරිස සහ  විදේශිකයන් එක්ව මෙය සංවිධානය කර තිබිණි. ජර්මානු ජාතිකයන් විසින් මේ සඳහා යන වියදම් දරමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය වැඳපුදා ගෙන නැවත ගම්බිම් බලා යන බැතිමතුන් හට සිසිල් බීම ලබා දීම මෙහිදී සිදු කෙරිණි. මෙහිදී සිසිල් බිම වීදුරුවක් ලබාදෙන විදේශිකයන් සුබ වෙසක් උත්සවයක් යනුවෙන් සැමටම සුභ ප්‍රාර්ථනා කරමින් ලබාදීම සිදුකළහ . ජර්මානු ජාතික කාන්තාවක් විසින් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ විවිධ ගැටුම්කාරී…

පාසල්වල ආරක්ෂාවට CCTV

පාසල්වල ආරක්ෂාව සඳහා CCTV කැමරා සවි කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් මේ සඳහා වියදම්වන මුදල් කිසිම විටකදී දෙමාපියන්ගෙන් අයනොකරන බවත් ඔහු ප්‍රකාශ කළේය.