මධුමාදව මිනුවන්ගොඩට පැමිණි රථය අත්අඩංගුවට

ඉකුත්  13වන දා මිනුවන්ගොඩ නගරයේ සිදු වු ප‍්‍රචණ්ඩ ක්‍රියා අතර තුර මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ ගෝලයෙකු වන මධුමාදව අරවින්ද මහතා ඇතුලු පිරිසක්  එම ප‍්‍රදේශයේ සැරිසරූ සුඛෝපභෝගී ජිප් රථයක් කිරිල්ලවල වෑවල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක තිබී (22) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් වෑවල පිහිටි එම නිවසට ගොස් මෙම ජිප් රථය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මධුමාධව අරවින්ද මහතා සමග සිද්ධිය වු දින රාගම හා කඩවත ව්‍යාපාරිකයන් දෙදෙනක්ද සිට ඇති බවත් ඔවුන් දෙදෙනාද දැනට ප‍්‍රදේශවලින් පලාගොස් ඇති බවටත් තොරතුරු හෙළි වු බවද පොලිසිය පවසයි.

මධුමාධව අරවින්ද මහතා සිද්ධිය වු දින මෙම සුඛෝපභෝගී ජිප් රථයෙන් මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක රැදී සිටි බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් ජිප් රථය වැඩිදුර  පරීක්ෂණ සදහා මිනුවන්ගොඩ පොලිසියට බාර දී ඇති අතර මිනුවන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ දිනට ආසන්න දිවලදී හෝ එදින මධුමාදව අරවින්ද මහතා ඉඹුල්ගොඩ, මීරිගම, වේවැල්දෙනිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව සංවිධානය කරන ආකාරය ෆේස්බුක් ඇතුළු සමාජජාලාවද හුවමාරු විය.

එමෙන්ම ප‍්‍රචණ්ඩ ක්‍රියා ඇතිවූ අවස්ථාවේ පැය දෙකක පමණ කාලයක් ඒ ආශ්‍රිතව රැදී සිට ඇති බවත් ඔහුගේ ජංගම දුරකථන වාර්තා සහ ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

(Visited 1,013 times, 1 visits today)

Related posts

Leave a Comment