ඇමරිකානු දේශපාලනය අපිව අවතක්සේරු කරණවා – හුවාවි නිර්මාතෘ කියයි

ඇමරිකාව තුළ හුවාවි සමාගමේ ව්‍යාපාරික කටයුතු නතර කිරීමටත් එම සමාගමට තහනමක් පැනවීමටත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දා ගනුලැබූ තීන්දුව මගින් සිය සමාගමේ ගෝලීය අභිලාෂ අවහිරකිරීමේ උත්සාහයක ඇමරිකාව නිරත වන බව හුවාවි සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි මහතා පවසයි.

ඇමෙරිකාව හුවාවි සමාගමට සම්බාධක පැනවීමෙන් පසුව හුවාවි ස්මාර්ට් ජංගම දුරකතනවලට ඇන්ඩ්‍රොයිඞ් ඇතුළු ගූගල් සේවා හා පහසුකම් සැපයීම නවතා දැමීමට ගූගල් සමාගම තීරණය කළේය. මෙය හුවාවි සමාගමට දැඩි තර්ජනයක් සිදුකිරීමට සමත්ව ඇති නමුත් රෙන් මහතා පවසා සිටියේ ඇමරිකානු දේශපාලනය තම ශක්තිය අවතක්සේරු කිරීමට උත්සාහ කර ඇති බවය.

පස්වැනි පරම්පරාවේ තාක්ෂණය (5ජී) හඳුන්වා දීමෙන් පසු හුවාවි සමාගම අනෙකුත් සමාගම්වලට දැඩි තරගයක් දෙමින් ඉදිරියට පැමිණි අතර ඇමෙරිකාව එම සමාගමට තහංචි පැනවීම එහි එක් පියවරක් යැයි ද ඇතැම් පාර්ශව සඳහන් කළහ.

රෙන් මහතා චීන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ජී5 තාක්ෂණයට මෙමගින් කිසිදු බලපෑමක් ඇති නොවන බවත් තවත් වසර ගණනාවක් යන තෙක් තම සමාගමට ලඟාවීමට කිසිවෙකුටවත් නොහැකි බවය.

(Visited 690 times, 1 visits today)

Related posts

Leave a Comment