ඥානසාර හිමි ජනපති හමුවෙති

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඊයේ (23දා)  රාත්‍රි උන්වහන්සේ සමඟ ජනාධිපති මෛතී‍පාල සිරිසේන මහතා හමුව තිබේ. ෙමහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී  මෙම හමුව සිදුවිය. ජනාධිපතිවරයා විසින් ජනාධිපති පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම  පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාට සිය ගෞරවය සහ ස්තූතිය පළ කර ඇති එම මෑණියන් ජනාධිපති සමඟ සුහද කථා බහක ද නිරත විය.

ලොව වටිනා ම ස්වාභාවික පානය

ජීවිතය යව්වනයේ රඳවා තබන ලොව වටිනා ම ස්වාභාවික පානය. පොල් වතුර. අමෙරිකාවේ දී ලීටරයක් රුපියල් හත්සිය පනහකින් මෙහා මිලට ගත නො හැකි වටිනා පානයක, ලීටර් 6500000ක ප්‍රමාණයක් දිනපතා අප රටෙහි විසිකර දමනවා කීවොත් ඔබට විශ්වාස කළ හැකි ද? දවසකට පොල් ගෙඩියක්වත් නොබිඳෙන්නේ අප රටේ කොයි ගෙදරක ද?  ඉස්සර අත්තම්මලා පොල් ගෙඩියක් බිඳින ගමන් එහි වතුර ටිකත් බිව්වා. ඉන් සමහරෙක් දැනුත් සුවෙන් ජීවත්වෙනවා, කෘත්‍රිම රසායනික බීමවලට ඇබ්බැහිවුණු දරු මුණුබුරන් මිය ගියාට පස්සෙත්. එහි රහස නොයෙක් රටවල කෙරුණු පර්යේෂණ මගින් සොයාගෙන තියනවා.  ඒ පොල්වතුරවල අඩංගු සයිටොකයිනින් යව්වනය දිගු කිරීමටත්, වියපත්වන විට ඇතිවන…