ඇමති බදියුදීන්ට විරුද්ධව ඡන්දය දීමට ජ.වි.පෙ තීරණය කරයි

රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී අද (27) පැවති මාධ්‍යහමුවකදී  එහි ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පැවසුවේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවන් මත පදනම්ව මෙම තීරණය ගත් බවයි.

සමස්ත ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවේ කිසිඳු ඇමැතිවරයෙක් ආරක්‍ෂා කිරීමේ උවමනාවක් නැතැයි ද විජිත හේරත් මහතා කීවේය.

(Visited 431 times, 1 visits today)

Related posts

Leave a Comment