තොරන් හා දන්සල් නීත්‍යනුකූලව තහනම් කරන්න ඉල්ලීමක්

වෙසක් සහ පොසන් පෙහොය දිනවලදී තොරණ සහ දන්සල් පැවැත්වීම නීත්‍යනුකූලව තහනම් කිරීමට අදාළ නීතිරීති අනුමත කරදෙන ලෙස බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

ත්‍රෛනිකායික මහනාමිහිවරුන් බැහැදැකීමට (27) මහනුවරට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේය.

අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා අද පෙරවරුවේ ප්‍රථමයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැකීම ආශිර්වාද ලබාගැනීම සඳහා අස්ගිරි මහා විහාරය වෙත පැමිණියේය.

අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගෙන්ද ආශිර්වාද ලබා ගැනීම සඳහා මල්වතු මහාවිහාරය වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

(Visited 925 times, 1 visits today)

Related posts

Leave a Comment