මරණ දඬුවමට සහාය නෑ – අගමැති

පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය  දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පැවසීය. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයට උරදුන් විශාලතම පක්ෂය හා ආණ්ඩුවේ ප්‍රධානතම පක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයත්, මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ විපක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ සන්ධානයත් මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරලීමට එකඟ නැති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. එහෙයින් මෙම ගැටළු පිළිබඳව මුලින්ම අමාත්‍ය මණ්ඩලය සමගත්, අනතුරුව ජනාධිපති සහ කථානායක සමග සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වෙන බව අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. වික්‍රමසිංහ මහතා…

රාජ්‍ය ආයතනවල සිදුව ඇති වංචා දූෂණ සොයන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ගම්මන්පිලට සිතාසි

2015-2018 කාල සීමාව තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන දූෂණ වංචා සෙවීමට පත්කළ කොමිසම හමුවේ, ලබන මස 11 වැනිදා පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සිතාසි නිකුත් කර තිබේ. මඩකලපුව ප්‍රදේශයේ ආරම්භ කර ඇති පෞද්ගලික අධ්‍යාපන ආයතනය සම්බන්ධව තමා සතුව ඇතැයි පැවසෙන සාක්ෂි, ලබන 4 වැනිදා කොමිෂන් සභාවේ පොලිස් ඒකකට වෙත ලබා දෙන ලෙසත් 11 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසත් මන්ත්‍රීවරයාට දන්වා ඇත. එම ආයතනය සම්බන්ධව තිනියාවල පාලිත හිමියන් සිදුකළ පැමිණිල්ලකට අනුව උන්වහන්සේ ඊයේ(27) දින කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදී ඇති අතර වැඩිදුර තොරතුරු උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සතුව…

“ජනාධිපති අද රටට ශාපයක් වෙලා”- හිරුණිකා

ජනාධිපතිවරයා අද රටට ශාපයක් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. 19 සංශෝධනය රටට සාපයක් වී ඇතැයි ජනාධිපතිවරයා විසින් පැවසූ ද අද රටට ශාපයක් වී ඇත්තේ 19 වෙනි සංශෝදනය නොව ජනාධිපතිවරයා බවද මන්ත්‍රීනිය කීවාය. මෙසේ ඇය සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි. ජනාධිපතිවරයාට වැරදුනේ ඔහු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගැනීම නිසා බවත් නායකත්වය ගත් විට පාක්ෂිකයෝ කියන දේවල් කළ යුතු බවත් ඇය සඳහන් කළාය. ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව සිටියේ නම් අගමැතිවරයාද සමඟ එකතු වී හොඳින් වැඩ කළ හැකිව තිබූ බව ද ඇය පැවසුවාය.

“මහින්ද කියන්නේ දර්ශනයක් නැති අසාර්ථකම පාලකයෙක්”- දඹර අමිල හිමි

ඇතැම් බෞද්ධාගමික නායකයින් බෞද්ධ දර්ශනයේ මූලික ඉගෙනීම් පසෙකලා ඊට එරෙහිව යමින් යම් යම් දේශනා සමාජ ගත කිරීමට උත්සාහ කරන බව පූජ්‍ය දඹර අමිල හිමි පවසයි. සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (27) කොළඹදී පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ හිමියන් මේ පිළිබඳව අඳහස් පල කලේය. මේ අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එක්ව සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය දඹර අමිල හිමි ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ යනු කිසිදු දර්ශනයක් නැති අසාර්ථකම පාලනයෙක් බවයි. “මහින්ද රාජපක්ෂ කියන්නේ අසාර්ථකම පාලකයෙක්. කිසිදු දර්ශණයක් නැති පාලකයෙක්. රට ආර්ථික සමෘද්ධිය…

නීතිපති එකඟතාවයෙන් ගෝඨාට එරෙහි අධිචෝදනා සංශෝධනය කරයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධිචෝදනා පත‍්‍රය සංශෝධනය කිරීමට නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟතාවය පළ කර තිබේ. බුවනෙක අළුවිහාරේ, ප‍්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රීතී පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කළ අභියාචන පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා මෙම එකඟත්වය පළ කර ඇත. වීරකැටිය මැදමූලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට විත්ති කරුවන් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා…

ලාංකිකයන් 810කට ද්විත්ව පුරවැසිභාවය

විදේශගතව සිටින ශ්‍රී ලාංකකයන් 810ක් සඳහා අද (25දා) ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කළේය.  අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය හා ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීය.

පාසල් පෙළපොත් අධ්‍යනයට විශේෂ කමිටුවක්

සංහිඳියාවට බාධා කරන, සමාජ මතභේදයට තුඩුදිය හැකි කරුණු පෙළ පොත්වල ඇතුළත් කර ඇත්දැයි සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබේ. සහරාන්ලා බිහිකරන්නට මුල් ව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 1980 සිට ලබාදෙන පාසල් පෙළ පොත් බවට පසුගිය දා (20දා) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී සාක්ෂි දෙමින් රිෂ්විත් නිෂාමන් මහතා විසින් කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමුකර මෙම විශේෂ කමිටුව පත් කර තිබේ. ඉස්ලාම් දහම පිළිබඳ කරුණු ඇතුළත් ප්‍රධාන ග්‍රන්ථය ලෙස සැලකෙන කුරානයෙහි පවා සඳහන් නොවන ආගමික නීති රැසක්, විශේෂයෙන් ම මරණ දඞුවම ලබාදීම සම්බන්ධ ව 1980 සිට 2015 දක්වා පෙළ…

දේශපාලනඥයන් බෙදී විවේචනයෙන් අනාගත පරපුරට දියුණු රටක් උරුමකර දිය නොහැකියි

දේශපාලන පක්ෂ වලට බෙදී එකිනෙකා විවේචනය කරමින් අනාගත පරපුරට දියුණු රටක් උරුම කර දිය නොහැකි බවත් දේශපාලන බේදයකින් තොරව රට ‍ගොඩනංවමින් තරුණ පරපුරට දොරටු විවර කර දිම බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉදිරි වසර පහ තුළ රටේ අපනයනය ශක්තිමත් කර නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යන බවත් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය. ජේ.ආර් ජයවර්ධන මහතා ගෙන ආ විවෘත ආර්ථික සංකල්පය මත රටට විශාල අපනයන ආදායමක් ලැබූ බව පැවසූ අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරි වසර පහ තුළ වෙළෙඳ කලාප 50ක් ඇතිකරන බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව…

LTTE යුද අපරාධ කළ බවට සාක්ෂි සහිතව පළමු නඩුව විභාග වෙයි

2009 වසරේ යුද සිරකරුවන් ලෙස එල්.ටී.ටී.ඊ. අත්අඩංගුවේ සිටි නාවික හමුදා සහ යුද හමුදා සෙබලූන් 26 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් තිදෙනකුට අධිචෝදනා භාරදීම අද (24දා) වවුනියාව මහධිකරණයේදී සිදුවිය. මෙලෙස අධිචෝදනා ලැබුවේ හිටපු එල්.ටි.ටි.ඊ බුද්ධි සාමාජිකයින් වන මදීඅරසන් සුලක්ෂන් , ගනේෂන් දර්ශන් සහ සිවතුරෙයි සිවරූබන් නැමති වවුනියාව හා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. 2009 ජනවාරි 16 වනදා හෝ ඊට ආසන්න දිනයකදී සැකකාර හිටපු ළ්ඨ්ඨ්E බුද්ධි සාමාජිකයින් තිදෙනා ඇතුළු පිරිසක් විසින් අත්අඩංගුවේ සිටි සෙබලුන් 26 දෙනා මුලතිව් විශ්වමඩු , වල්ලිපුනම් හි රහසිගත බුද්ධි කඳවුරකදී වෙඩිතබා ඝාතනය කොට සීනි සහ…

හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ පරික්ෂණයක්

පාස්තු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනිමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියම කළේය. විජිත් මලල්ගොඩ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන නීතිපතිවරයා මෙම පියවර ගත් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.