මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි තාම නැහැ

කැබිනට් ,රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිධූරවලින් ඉවත් වූ  මුස්ලිම් මන්ත්‍රීවරු නව දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මෙතෙක් භාරදී නැතැයි ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

මෙලෙස ඉල්ලා අස්වූ කැබිනට් , රාජ්‍ය සහ නියෝජ්‍ය අමාතධුරයන් දැරූ මන්ත්‍රීවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇත්දැයි සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ පෙලේ නිලධාරියෙකුගෙන් සිදුකල විමසීමකදී ඔහු ප්‍රකාශ කලේ ඊයේ (05) සවස් වන තෙක් ඉල්ලා අස්වීමේ ලිපි කිසිවක් ජනාධිපති ලේකම් කාර්යාලයට නොලැබුණු බවයි.

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකිරීම සදහා අවශ්‍ය වටපිටාව සැකසීම සදහා මුස්ලිම් මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ආණ්ඩුවේ තමන් දැරූ අමාතයධුරයන් ගෙන් පසුගිය සදුදා (03) ඉල්ලා අස්වූවාය

දිනුක් හේවාවිතාරණ

.

(Visited 145 times, 1 visits today)

Related posts

Leave a Comment