දළදා පෙරහර ආගෝස්තු 02 දා සිට ඇරඹෙයි

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාළයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් අගොස්තු මස 02 දින ආරම්භ කෙරෙන බවත්  රට තුළ පවතින වාතාවරණය අනුව මෙවර මහනුවර ඇසළ පෙරහර සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට නියමිත බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දේවාළ අභ්‍යන්තර පෙරහර පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 05 දින වීදී සංචාරය කිරීමට නියමිතය. කුඹල් පෙරහර අගෝස්තු මස 05 දින සිට 09 වන දින දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු රන්දෝලි පෙරහර 10 දින ආරම්භ කරන බව ප්‍රදීප් නිලංගල දෑල මහතා පැවසුවේය.

රන්දෝලි පෙරහර 10 සිට 14 දින දක්වා පැවැත් වීමට නියමිතය. අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 14 දින වීදී සංචාරය කිරීමෙන් පසු 15 දින අලුයම ගැටඹේ දිය කපනා තොටේදී දිය කැපුම් මංගල්‍යය පැවැත්වෙන බවත් එදින දහවල් පෙරහර ගෙවැදීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අවසන් වීමට නියමිත බවත් දියවඩන නිළමේවරයා ප්‍රකාශ කළේය.

(Visited 13 times, 1 visits today)

Related posts

Leave a Comment