දියවැඩියාව වැළඳී ඇති රෝගීන්ගෙන් 30%කට අක්ෂි ආබාධ

දියවැඩියාව වැළඳී ඇති රෝගීන්ගෙන් 30% අක්ෂි ආබාධ වලට ගොදුරු වී ඇතිබව සමීක්ෂණයකින් අනාවරණය වී ඇතිබව ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය කපිල බන්දු තිලක මහතා පැවසීය.

දිය වැඩියාව හේතුවෙන් අක්ෂි ආබාධවලට ගොදුරුවන්නන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවත්,  දියවැඩියා වැළඳුණු පුද්ගලයන්ගෙන් 10%කගේ ඇස් පෙනීම දුර්වල බව පැවසිය.  01%-04% අතර ප්‍රතිශතයක් සම්පූර්ණයෙන් අන්ධ භාවයට පත්ව තිබේ.

දිය වැඩියා රෝගය වයස් භේදයකින් තොරව වැළඳෙන රෝගයක් බවත්, වර්තමානයේ තිබෙන ආහාර පාන හා කාර්ය බහුලත්වය හේතුවෙන් දිය වැඩියා රෝගය වැළඳීමෙ සම්භාවිතාව ඉහළ මට්ටමක පවති.

දිය වැඩියා රෝගය වැළඳුණු සෑම පුද්ගලයෙක්ම ඇසේ සිදුවන සංකුලතා වලට ලක්වීමේ හැකියාවක් පවති. අක්ෂි රෝග අවම කර ගැනීම සඳහා දිය වැඩියාව ඉතා හොඳින් පාලනය කිරීම, දිය වැඩියාව සමඟ සම්බන්ධ අධික රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි රෝග පාලනය කර ගැනීම ඉතා වැදගත් බව  සඳහන් කළේය.

නියමිත කාලය තුළ ඇස් පරීක්ෂා කර ගැනීම වැදගත් අතර, දිය වැඩියාව හේතුවෙන් ඇසෙහි ඇතිවන සංකුලතා නොදැනෙන බවත් එය දැනෙනුයේ ඉතා සංකීර්ණ තත්ත්වයට පත්වූ විටය.

රෝගය කල්තියා හඳුනා ගැනීම තුළින් සිදුවිය හැකි සංකුලතා අවම කර ගත හැකිය. දිය වැඩියාව සඳහා ප්‍රතිකාර සිදුකරන වෛද්‍යවරයාගේ උපදෙස් අනුව අක්ෂි වෛද්‍යවරයෙකු හමුවී ඇස් පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසීය.

හබරාදුව – අනුර ලියනගේ

(Visited 34 times, 1 visits today)

Related posts

Leave a Comment