තරුණයන් පිරිසකට පුදබිමේදී පහරදුන් පොහොට්ටුවේ මන්ත්‍රී අත්අඩංගුවට

මිහින්තලේ පුද බිමට අයත්, එම පුදබිමට පිවිසෙන මාර්ගයේ දී අද (17) අලුයම තරුණයන් පිරිසකට පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කීරීම සම්බන්ධයෙන් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) මන්ත්‍රීවරයකු වන රණසිංහ ආරච්චිලාගේ නිපුන මධුසංඛ රණසිංහ නැමත්තා මිහින්තලය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මිහින්තලේ පුද බිමට පිවිසෙන පිවිසුම් මාර්ගයේ දී එම ස්ථානයේ රැදි සිටි තරුණයන් පිරිසක් සහ මන්ත්‍රීවරයා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අතර බහින්බස් වීමක් ඇති වී තිබේ. එය දුරදිග ගොස් ඇති අතර එහිදී මන්ත්‍රීවරයා ඇතුළු පිරිස විසින් මෙම පහරදීම සිදුකර ඇත.

මන්ත්‍රීවරයා ඇතුළු පිරිස සිදු කළ පහරදීමෙන් තුවාල ලැබූවන් සිද්ධිය පොලිසියටද පැමිණිලි කර ඇති අතර ඔවුන් රෝහල් ගතකර තිබේ.

ඒ අනුව සිද්ධියෙන් තුවාල ලැබු සිව් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් පුද්ගලයකු මිහින්තලය රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාලකරුවන් සියඹලාගස්වැව, කන්නට්ටිය සහ කලත්තෑව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20ත් 25ත් අතර වියේ පසුවන්නන් බවද වාර්තා වේ

අත්අඩංගුවට ගනු ලැබු පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයා අද (17) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

(Visited 91 times, 1 visits today)

Related posts

Leave a Comment