යුද්ධ හමුදාව තුළ ජාති ආගම් කුල භේද නෑ-හමුදාපති

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල ජාති, ආගම්, කුල භේද නොමැති බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. යුද්ධ හමුදා සාමාජිකයින්ගේ එක් දිනක වැටුප් පරිත්‍යාගයෙන් මිළදී ගනු ලැබු රුපියල් මිලියන 10ක් වන සැම්සුන් HS40 අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර් යන්ත්‍ර 02 ක් (Samsung HS40 Ultrasound Scanner Units) ඊයේ (17)  මහරගම ‘අපේක්‍ෂා’ පිළිකා රෝහල වෙත නිළ වශයෙන් භාරදෙන ලදි. එම අවස්ථාවේදි යුද්ධ හමුදාපතිවරයා මේ බව පැවසීය. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් යුද්ධ හමුදාව කැප වී කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා එහිදි ප්‍රකාශ කළේය. රටේ ආරක්ෂාව තහවුරු කළ ද ඇතැම් දේශපාලන තත්ත්වයන් පාලනය කිරීමට…

ලෙබනන් ගිය පොඩිමැණිකේ ගැන දන්නවනම් කියන්න

ලෙබනනයේ , දාහියා ප්‍රදේශයේ රැකියාව සඳහා ගොස් සිටි ඒ.එම්.පොඩිමැණිකේ නැමැති කාන්තාව, එරට දී දැඩි ලෙස රෝගාතුර වී, බීරෑට් හි රෆීක් හරිරි රොහලේ සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිටින්නීය. ඇය පිළිබඳව කිසිදු තොරතුරක් ඇයගෙන් ලබා ගත නොහැකි වී ඇති බැවින් , ඇය පිළිබඳව තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ 0112864149 දුරකථන අංකයට හෝ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ 05956037 හෝ 76700657 දුරකථන අංක ඔස්සේ අමතා ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී. ටී.කේ.ජී. කපිල

තිස්සමහාරාමේ බිළිඳෙක් මන්දපෝෂණයෙන් මියයයි

හම්බන්තොට තිස්සමහාරාම ප්‍රදේශයේ කුඩා බිළිඳෙකු මන්දපෝෂණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. “කන්න නැතුව” දරුවෙකු මිය ගිය ගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති උත්සයකදී සිදු කළ අනාවරණයකදී මේ බව හෙළි වී ඇත. මෙලෙස මිය ගිය ගොස් ඇත්තේ මාස 11ක් වයසැති මලිත් මිහිරංග නැමති බිළිඳායි.