තනතුරු අතහැරි මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරුන් අතර අද(18) පැවති සාකච්ඡාව තීරණයකින් තොරව අවසන්වී තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් හා ආණ්ඩුකාරවරුන් සම්බන්ධව විවිධ පාර්ශ්ව සිදුකළ චෝදනා හේතුවෙන් මුස්ලිම් ජාතික අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉවත්විය.

පසුව ත්‍රෛනිකායික සංඝරත්නය ඇතුළු පාර්ශ්ව කිහිපයක් සිදුකළ ඉල්ලීමත් සමඟ යළි අමාත්‍ය ධුර ලබාගැනීම සම්බන්ධව එම මන්ත්‍රීවරුන් අද(18) සාකච්චාවක් සිදුකළේය.

අද පැවති සාකච්ඡාව සඳහා ධුරවලින් ඉල්ලා අස්වූ සියළු අමාත්‍යවරුන් පැමිණ සිටි අතර පස්වරු 2.00ට පමණ සාකච්ඡා ආරම්භවී ඇත.

කෙසේ වෙතත් පැය කිහිපයක සාකච්ඡාවකින් පසු තීන්දුවකින් තොරව අවසන්වී ඇතිබව වාර්තා වේ.

(Visited 8 times, 1 visits today)

Related posts

Leave a Comment