හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ පරික්ෂණයක්

පාස්තු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනිමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියම කළේය.

විජිත් මලල්ගොඩ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන නීතිපතිවරයා මෙම පියවර ගත් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

(Visited 11 times, 1 visits today)

Related posts

Leave a Comment