‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ නමින් සන්ධානයක්?

ඉදිරි මැතිවරණවල දී එක්ව තරග කරන්නේ නම් ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ නමින් ඉදිරිපත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවක් ඇතිවී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මේ පක්‍ෂයේ ලකුණ සහ තනතුරු ආදිය පිළිබඳ ඉදිරියේදීත් සාකච්ඡා කරන බව ද අමරවීර මහතා සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර, ඒ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කරන අතර, එම සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හා පොදුජන පෙරමුණෙන් වෙන වෙනම අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇතැයි ද මහ ලේකම්වරයා පැවැසීය.

මහින්ද අමරවීර මහතා මේ බව පැවැසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී පෙරේදා (4) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

(Visited 5 times, 1 visits today)

Related posts

Leave a Comment