ඉන්දියාව පුහුණු මණ්ඩලයම ඉවත් කරයි – මහේල, වාස්, ඩිල්ෂාන් ඉන්දීය පුහුණුකරුවන් ලෙස ඉන්දියාවට ?

පසුගිය ලෝක කුසලාන තරගාවලියෙන් අවසන් පූර්ව තරගය ඉන්දීය කණ්ඩායම පරාජයට පත් වීම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවම උඩු යටිකුරු කරනා සිදුවීමක් බවට පත්ව තිබේ. ඒ අනුව ලෝක කුසලාන ඉන්දියානු ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයම විසුරුවා දැමීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. පුරප්පාඩූ වූ තනතුරු වලට නව ප‍්‍රධාන පුහුණුකරුවකු සහ සහය පුහුණුකාර්ය මණ්ඩලයක් පත්කිරීමට එරට ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර ඒ සඳහා මේ වන විට ඉල්ලූම්පත් භාර ගැනීම ආරම්භ කර තිබේ. නව තනතුරු සඳහා ප‍්‍රධාන පුහුණුකරු, පන්දු යැවීමේ පුහුණුකරු, පන්දු රැුකීමේ පුහුණුකරු, භෞතචිකිත්සක, පුහුණු උපදේශක කළමනාකාර යන තනතුරු සඳහා නව…

පාස්කු ප්‍රහාරය පිළිබඳ තේරීම් කාරක සභාවේ කටයුතු ලබන අගෝස්තුවේ අවසන් වේවි

පසුකු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාර සභාවේ කටයුතු ජනපති, අගමැති, හා හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ සාක්ෂි විමසීමෙන් අනතුරුව ලබන අගෝස්තු මාසය වනවිට අවසන් කළ හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (16) ගම්පහ ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.