අයහපත් කාලගුණයෙන් 7ක් මරුට – පහක් අතුරුදන්

* පවුල් 1,62,578ක 5,77,972ක් අවතැන් 
* මන්නාරම-පොතුවිල් දක්වා මුහුදු යෑමෙන් වළකින්නැයි උපදෙස් 
* ගිනිගත්හේන වෙළෙඳ සල් 10ක් නාය යෑමෙන් අයෙක් මරුට 

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා මේ වන විට හත්දෙනකු මිය ගොස් තවත් පස්දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි. එසේම පවුල් 162578ක පුද්ගලයන් 577972ක් අවතැන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

වැසි හා සුළං තත්ත්වය මේ මස 21 දක්වා පැවැතෙන බව සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං සහ රළු මුහුදු ස්වභාවය නිසා මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු කලාපයේ ධීවර කටයුතුවලින් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.

මේ වන විට අවදානම් කලාප සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව මේ මස 17 වැනි දින සිට හෙට (21) දක්වා මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 70-80 දක්වා වූ තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ. මේ නිසා මේ මුහුදු කලාපයේ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ධීවර ප්‍රජාවට අවවාද කර ඇත. එසේම මේ මුහුදු කලාපයේ නාවුක කටයුතුවල යෙදෙන පිරිස ඒ පිළිබඳ දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන මෙන් එම නිවේදනයේ තව දුරටත් සඳහන් වේ.

හදිසි ආපදා තත්ත්වයකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකථන අංක 117 වෙත දැනුම් දෙන ලෙස ද එම මධ්‍යස්ථානය ජනතාව වෙත දැනුම් දේ.

දිවයිනේ නිරිත දිග කොටසේ විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ ප්‍රදේශවල දැනට පවතින වැසි හා සුළං තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු වන බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළු ගංගා ධාරා ප්‍රදේශයට මේ වන විට ලැබෙමින් පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟෙහි ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම් දීම අනුව ඉදිරි පැය කිහිපය තුළ ද වැසි තත්ත්වය මෙලෙසම පවතී යැයි අනාවැකි පළ කර ඇත. පසු ගිය පැය විසිහතරක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල මිලිමීටර් 59.0ක් ද, පලාබද්දල ප්‍රදේශයට මිලිමීටර් 99.0, ගිලීමලේ ප්‍රදේශයට මිලිමීටර් 92.0, කුඩා වැව ප්‍රදේශයට මිලිමීටර් 172.0ක ද වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

පවතින කාලගුණ තත්ත්වය අනුව මධ්‍යම සබරගමුව පළාත්වලත් කළුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 150 ඉක්ම වූ වර්ෂාපතනයක් ද කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල මිලිමීටර් 150 ඉක් වූ තද වැසි බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

රත්නපුර ආශ්‍රිත කළු ගංගා සහ ඊට සම්බන්ධ අතු ගංගාවල දෙපස පහත් බිම් ප්‍රදේශවල වාසය කරන ජනතාව ගංවතුර තත්ත්වය පිළිබඳ දැඩි අවදානයෙන් සිටින ලෙස දැනුම් දෙන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවදානමින් මිදීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ද දන්වා සිටී.

ඊයේ (19) දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින අධික වැසි තත්ත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑම් අවදානම් පූර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. නායයෑම් පූර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නාය යෑම් පූර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබඳ සැළකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තුන්දෙනකු මරණයට පත්ව ඇති අතර, 20 දෙනකු අවතැන්ව ඇත.

තමන් ජීවත්වන ප්‍රදේශය නාය යෑම් අවදානම් කලාපයක් වශයෙන් හඳුනාගෙන ඇති නම් පොළොවේ ඇති වන ඉරිතැලීම්, ගැඹුරට හෑරුණ පැලුම් හා පොළොවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් හෝ දුරකථන කුලුනු ආදී සිරස් විහිදුමක් සහිත ගොඩනැගිලි ආදිය පිළිබඳ එමෙන්ම ගොඩනැගිලි බිත්ති ගෙබිම මත ඇති වන ඉරි තැලීම් පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනයවීම සහ එක් වර ජල උල්පත් මතුවීම හෝ පෙර පැවැති උල්පත් එකවර සිඳී යෑම හෝ නැතිවීම ජල උල්පත්වලින් බොර වතුර මතුවීම වැනි ලක්ෂණ දිස් වන්නේ නම් එය නාය යෑම් ආපදා පූර්ව ලක්ෂණ විය හැකිය.

මෙවැනි ලක්ෂණ දිස් වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කරන මෙන් ද හැකි ඉක්මනින් අවදානමින් මිදීම සඳහා සුදුසු ක්‍රියා මාර්ග අනුගමනය කරන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තව දුරටත් දැනුම් දේ.

මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු කලාපයේ ධීවර කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර ගිනිගත්හේන නගරයේ වෙළඳ සැල් 10ක් නාය යෑමෙන් එක් අයකු මරුමුවට පත්ව ඇති අතර, ඊයේ (19) අලුයම 2.00ට පමණ මේ සිදුවීම සිදුව ඇත. රූමස්සල වැව අසල සෙල්පි ඡායාරූප ගැනීමට ගිය තරුණයකු එම වැවට වැටී මිය ගොස් ඇත. තෙල්දෙනිය මහනුවර-මහියංගනය මාර්ගයේ ඔරුතොට ප්‍රදේශයේ දී යතුරු පැදියක ගිය අයකු ගඟට වැටී මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වන මැද මහනුවර දකුණු දොරලියද්ද පදිංචි සුනිල් ආරියරත්න නැමැත්තෙකි. කොළඹ සිට අළුත්ගම දක්වා ධාවනය වූ දුම්රියක් මතට පෙරේදා (18) ගසක් කඩා වැටී ඇත. අධික සුළං තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස සියයක පමණ වහල ගසාගෙන ගොස් ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ කළු ගංගා ධාරා ප්‍රදේශයට මේ වන විට ලැබෙමින් පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගගෙහි ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව ඉදිරි පැය කීපය තුළ ද වැසි තත්ත්වය මෙලෙසම පවතී යැයි අනාවැකි පළ කර ඇත. පසුගිය පැය විසිහතරක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල මිලිමීටර් 59.0ක් ද, පලාබද්දල ප්‍රදේශයට මිලිමීටර් 99.0, ගිලීමලේ ප්‍රදේශයට මිලිමීටර් 92.0, කුඩා වැව ප්‍රදේශයට මිලිමීටර් 172.0ක ද වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

රත්නපුර ආශ්‍රිත කළු ගංගා සහ ඊට සම්බන්ධ අතු ගංගාවල දෙපස පහත් බිම් ප්‍රදේශවල වාසය කරන ජනතාව ගංවතුර තත්ත්වය පිළිබඳ දැඩි අවදානයෙන් සිටින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම අවදානමින් මිදීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තව දුරටත් දැනුම් දේ.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු 02ක් විවෘත කළ බව කාර්ය භාර ඉංජිනේරු මහතා දැනුම් දී ඇත. විශේෂයෙන්ම කැලණි ගංගාව ආශ්‍රිත පහත් නිම්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව සහ දෛනික කටයුතුවල දී කැලණි ගංගාවේ ජලය පාවිච්චි කරන ජනතාව මේ පිළිබඳ සැළකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ. එසේම විනෝද චාරිකාවල යෙදෙන පිරිස් ගංගා ආශ්‍රිතව නෑමේ දී මෙන්ම වෙරළ තීරයේ දියනෑමේ දී පවතින කාලගුණික තත්ත්වය පිළිබඳ වඩාත් සැළකිළිමත් වන ලෙස තව දුරටත් දැනුම් දෙයි. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ හානි වූ නිවාස 41ක්ද අර්ධ හානි වූ නිවාස 259ක් ද විපතට පත් වූ පවුල් 134ක පුද්ගලයන් 548ක් ආරක්ෂිත ස්ථාන 12ක රඳවා ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

විපතට පත්වූවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට ප්‍රතිපාදන මේ වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ආපදාවලින් විපතට පත්වන්නන් ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යෑමට ආපදා කළමනාකරණ නිලධාරීන් යොදවා ඇතැයි ද කීය.

උදුලා පීරිස්, අසේල කුරුළුවංශ සහ හැටන් සමූහ

(Visited 6 times, 1 visits today)

Related posts

Leave a Comment